පියයුරු පිළිකා වළක්වන bra එකක්

Published in අනං මනං
Saturday, 14 March 2015 12:04

කාන්තාවන්ට වැලඳෙන පිළිකා අතරින් පළමු තැන ගන්නා පියයුරු පිළිකා සෛල නසන ඖෂධ කවන ලද අධි තාක්ෂණික තිසරපටක් නිපදවන්නට ලන්ඩනයේ සාන්ත මාර්ටින්ස් සරසවියේ සාරා ද කොස්තා නම් සිසුවියක සමත්ව තිබෙනවා.

පිළිකා සෛල නසන Tamoxifen නමැති ඖෂධය ඉතා සියුම් අණු ලෙස ඇතුළත් කර නැනෝ තාක්ෂණයෙන් නිපදවා ඇති මෙම තිසරපට හැඳගෙන සිටින විට ඖෂධ සමට ඇතුළු වී පියයුරු පිළිකා සෛල වර්ධනය අඩාල කිරීමට ඊස්ට්‍රජන් හෝමෝනය පාලනය කරන බව සඳහන් වෙනවා.

පියයුරු පිළිකා නැසීමට Tamoxifen ඖෂධය ලබාගන්නා කාන්තාවන් දහස් ගණනක් විවිධ අතුරු ආබාධවලට ලක්වන බවත්, සාරාගේ මෙම නව නිෂ්පාදනය සමග එම අතුරු ආබාධ මඟහරවා ගනිමින් ඖෂධ ලබාදීමට හැකිවනු ඇති බවටත් සුබදායී මත පළ වෙයි.

කෙසේවෙතත් මෙම නව සංකල්පය මත ඉදිරියේදී වෙනත් රෝග සඳහා වන ඖෂධ මෙම ක්‍රමය හරහා රෝගීන්ට ලබාදීමට හැකියාවක් පවතීද යන්න පිළිබද ඉදිරියේදී සොයා බැලීමට විද්‍යාඥයින් තීරණය කර ඇති බවද අන්තර්ජාතික මාධ්‍ය සඳහන් කරයි.

විශේෂයෙන් සාරාගේ මීළඟ අභිප්‍රාය වී ඇත්තේද කාන්තාවන් බහුලව ගොදුරුවන මානසික රෝගයක් වන ඩිමෙන්ෂියා රෝගයට ලබාදෙන ඖෂධ රාත්‍රී ඇදුමට කාවද්දා මේ අයුරින් සම මගින් ශරීරයට උරාගැනීමට සැලැස්වීම බව වාර්තා වේ.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us