මැරුණට පස්සෙ ගහක් වෙන්න කැමති නැද්ද?

Published in අනං මනං
Monday, 09 March 2015 11:46

මැරුණට පස්සෙ දිව්‍ය ලෝකේ යන්නද කැමති. ඒත් මැරුණට පස්සෙ ගහක් වෙන්න කැමති නැද්ද?

දිව්‍ය ලෝකේ යනවට වඩා මේ වැඩේ sure. ඒ වගේම අපිට පුළුවන් මැරුණට පස්සෙවත් වැඩක් ඇති වැඩක් කරන්න.

 ප්‍රයෝජනවත් වගේම අලුත් විදියේ භූමදාන ක්‍රමයක් හඳුන්වා දීල තියෙන්නෙ ඉතාලියෙන්. මේ අලුත් ක්‍රමයේ හැටියට කුඩා කෝෂයක්  තුල සිරුර තැන්පත් කරනවා. ඊට පස්සෙ ඊට උඩින් ශාක බීජ හෝ ශාකයක් හිටවනවා.

සිරුර තැන්පත් කර ඇති කුඩා කෝෂයෙන් ගහට පෝෂණය ලැබෙන විදියට තමයි මේ කෝෂය නිර්මාණය කරලා තියෙන්නෙ. එම ගහ මියගිය පුද්ගලයාගේ පවුලට අයිති වෙනවා.

හිතල බලන්නකො සුසාන භූමියක සොහොන් කොත් ගොඩක් තියෙනවට  වඩා ගස් ගොඩක් තිබුනොත් කොහොම දැනෙයිද?  ඒවගේම ඒ ගහට සාත්තු කරන එක අපේ මිය ගිය සමීපතමයට සත්කාර කරනවා වගේ දැනෙයි.

tree1

tree3

tree4

 

ld add copy

ක්‍රීඩා

Connet With Us