මැර්ලින් මොන්රෝගේ අවසන් හාදුව වෙන්දේසියේ

Published in අනං මනං
Friday, 06 March 2015 15:56

මැර්ලින් මොන්රෝ ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙතෙක් බිහි වූ සුරූපී නිළියක් වගේම ගායිකාවක්. මෝස්‌තර නිරූපණ ශිල්පිනියක ලෙසද එකල ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබූ ඇගේ ඡායාරූපවලට එදා වගේම අදත් ඉහල ඉල්ලුමක් පවතිනවා.  

ඇය මිය යාමට සති තුනකට පෙර ඇගේ සමීපතම මිතුරෙකු වන ජෝර්ජ් බැරිස් විසින් ගන්නා ලද ඡායාරූප එකතුව අධික මිලකට වෙන්දේසි වීමට නියමිතව  තිබෙනවා. ඇය  මියයාමත් සමඟ එම ඡායාරූප පළකිරීම ඔහු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මෙම ඡායාරූප එකතුව නම් කර තිබෙන්නේ 'Last Kiss' නමිනුයි. මෙම එකතුවට ජෝර්ජ් බැරිස්ගේ අත්සනින් යුතු ඡායාරූප හයක් ඇතුලත් වෙනවා.

ඡායාරූපයක් ඩොලර් 6000ට පමණ අලෙවි වනු ඇතැයි ගණන් බලා තිබෙනවා.

  මිට අමතරව සමකාලීන ඡායාරූප ශිල්පියෙකු වන බර්ට් ස්ටර්න්ගේ වෝග් සඟරාව වෙනුවෙන් ගන්නා ලද ඡායාරූප කිහිපයක්ද  මෙහිදී වෙන්දේසි කිරීමට බලාපොරොත්තු වන බව පැවසේ.

monro1

monro2

monro3

monro4

monro5

monro6

monro7

monro8

monro9

monro10

monro11

monro12

monro13

 

ld add copy

ක්‍රීඩා

Connet With Us