ලෝකේ භයානකම සිරගෙවල්

Published in අනං මනං
Saturday, 21 February 2015 13:06

සිරකරුවෝත් මනුෂ්‍යයෝය  කියල ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඒත් ඇත්තටම මොකක් හරි වැරැද්දකට සිරගත වෙන මිනිස්සුන්ට මනුස්සයයෙක්ට වගේ සැළකුම් ලැබෙනවා හරිම අඩුයි.

ඒ වගේම තවත් කියමනක් තියෙනවා පාසලක් වසා දැමීම සිරගෙවල් දස දහසක් විවෘත කිරීමට හේතුවකි කියල.

අපි අද ඉදිරිපත් කරන්නෙ ලෝකේ භයානකම සිර ගෙවල් ලෙස සැළකෙන සිර ගෙවල් කීපයක්.

 

කෑම්ප් 22, උතුරු කොරියාව

Camp-22

හොරියන්ග් බන්ධනාගාරය නමින් ප්‍රසිද්ධ මේ හිරගෙය චීනය සහ රුසියාව,  කොරියාව හමුවන දේශ සීමාවේ පිහිටලා තියෙනවා. අවුරුද්දකට පොඩි ළමයි ඇතුළත්ව පුද්ගලයන් 1,500ක් පමණ මන්දපෝෂණය හේතුවෙන් මෙහිදී මිය යනවා. මේ හිරගෙදර ඉන්න සිරකරුවන්ව බලවත් හිංසාවට දිනපතා ලක් කරනවා.

ගිටාරාමා මධ්‍යම බන්ධනාගාරය, රුවන්ඩාව

Gitarama-Central-Prison

මේ හිරගේ හදල තියෙන්නේ සිරකරුවන් 400කට හරියන ඉඩ ප්‍රමාණයක. නමුත් මේකේ හිරකරුවන් 1000කට වඩා ජීවත් වෙනවා. මෙහිදී ජිවත්වීමට තියෙන ගොඩක් දරුණු තත්ත්ව නිසා සමහර සිරකරුවන් මිනීමස් කන්නත් යොමු වෙලා තියෙනවා.

ටඩ්මෝ හමුදා බන්ධනාගාරය, සිරියාව

Tadmor-Military-Prison

ඩැමැස්කස් වල සිට කිලෝ මීටර් 200ක් පමණ ඈතින් කාන්තාරය මැද තියෙන මේ බන්ධනාගාරය අවුරුදු 10ක් වහල තිබ්බට පස්සේ 2011දී නැවත විවෘත කලා. 1980 සිරියාවේ හිටපු ජනාධිපති අසාඩ් මේ හිරගේ හිටපු හැම සිරකරුවාවම මරන්න නියෝග කලා. මෙහිදී පුද්ගලයන් 2,400ක් මරණයට පත් වුනා.

පෙටාක් දූපත් බන්ධනාගාරය, රුසියාව

Petak-Island-Prison

රුසියාවේ දරුණුම අපරාධකරුවන් ලෙස සැලකෙන මිනිසුන් ජීවත්වෙන්නේ මේ බන්ධනාගරයේ. මෙහෙ ඉන්න සිරකරුවන් විශාල ප්‍රමාණයක් අධික සීතල නිසා මරණයට පත් වෙනවා.

ඩියාර්බකීර් බන්ධනාගාරය, තුර්කිය

Diyarbakır-Prison

1980 සිට විවෘත මේ බන්ධනාගාරයේ ලොකේ හැම තැනින්ම ආපු සිරකරුවන් සිටිනවා.

ලා සබනෙටා බන්ධනාගාරය, වෙනිසියුලාව

La-Sabaneta-Prison

මුරකරුවන්ගේ අඩුවක් තියෙන මේ බන්ධනාගාරයේ සිරකරුවන් නිතරම එකිනෙකාට එරෙහිව දරුණු ක්‍රියා කරගන්නවා. ඒ වගේම ගොඩක් ලෙඩ මේ සිරගේ  පුරා පැතිරෙනවා.

බැන් ක්වැන් බන්ධනාගාරය, තායිලන්තය

Bang-Kwang-Prison

බැන්කොක් වල සිට සැතපුම් 8ක් උතුරින් පිහිටලා තියෙන මේ බන්ධනාගාරයේ ඒඩ්ස් ඇතුලුව ගොඩක් අහිතකර ලෙඩ බහුලව දකින්න ලැබෙනවා.

කොටොනු සිවිල් බන්ධනාගාරය, බෙනින්

Cotonou-Civil-Prison

මේ බන්ධනාගාරයේත් ඉඩ තියෙන්නේ සිරකරුවන් 400කට විතරයි. ඒත් දැනට සිරකරුවන් 2,500කට අධික ප්‍රමාණයක් ඒකේ ජීවත්වෙනවා. මේ නිසා ලෙඩ රෝග, ප්‍රචණ්ඩතාව වගේ දේවල් ඉතා බහුලයි.

 

(ඡායාරූප උපුටා ගැනීම :yako)

 

 

ld add copy

ක්‍රීඩා

Connet With Us