අැලඩින්ගේ පුදුම පහණ ඩුබායි නගරයේ

Published in අනං මනං
Wednesday, 18 February 2015 10:20

ලෝකයම මවිත කරවන ගොඩනගිලි ඉදි කරන ඩුබායි රාජ්‍යය තවත් විශ්මිත් නිර්මාණයක් සඳහා දැන් වැඩ අරඹා ඇත. අරාබි නිසොල්ලාසයේ එන ඇලඩින්ගේ පුදුම පහණ සජීවී කරණය කරන දැවැන්ත ගොඩ නැගිල්ලක ඉදිකිරීම් සදහා ඔවුන් සූදානම්ය.මෙහි උස කුළුණු 6 කින් යුක්ත වනු ඇත.

රන් පැහැය ආලේප කරණු ලබන එම කුළුණු දිවා ආලෝකයෙන් දිදුලනු ඇති අතර , රාත්‍රියේ විදුළි බල්බ ලක්ෂ ගණනකින් ආලෝකමත් වෙනු ඇත.


එක් එක කුළුණක් ඇලඩින්ගේ පහණේ ආකෘතියක් වන අතර ඒවා එකිනෙක යා කරණ වායු සමීකරණය කළ විදුළි මං පෙත් සහිත පාලම් දැකිය හැකිය.උසම කුළුණ තට්ටු 34 ක සුපිරි සාප්පු සංකීර්ණයකි.අනෙක් කුළුණු වල හෝටල් ; අවන් හල් සහ රථ ගාල් නිර්මාණය කරනු ලබයි.


dubai creek ප්‍රදේශයේ වරායට ඉහළින් ඉදිවෙන මෙම දැවැන්ත ගොඩනැගිලි සංකීරණය බර්ජ් අල් කලීෆා ගොඩනැගිල්ල මෙන්ම සංචාරක ආකර්ෂණය දිනා ගනු ඇතැයි සැලකේ.

The-City-of-Aladdin

 

ld add copy

ක්‍රීඩා

Connet With Us