නැවත පන ලැබූ මාලේගේ මෝටර් රථය

Published in අනං මනං
Sunday, 15 February 2015 18:40

“බොබ් මාලේ” කියන්නෙ මුළු ලෝකයම වසඟයට ගත් ජැමෙයිකා ජාතික දක්ෂ සංගීත ශිල්පියෙක් බව අපි හැමෝම දන්නවා.

ඔහු ලෝකයට නව ආරක සංගීතයක් හඳුන්වා දුන්න පමණක් නොවෙයි සංගීතය හරහා කළුජාතිකයින්ගේ අයිතීන් වෙනුවෙන් අධිරාජ්‍ය විරෝධී හඬක් නගනු ලැබුවා.

මේ අතිවිශිෂ්ට සංගීත ශිල්පියා ජීවත්ව සිටි සමයේ භාවිත කළේ  ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක්. පෙබරවාරි 6 වැනිදාට යෙදී තිබූ බොබ් මාලේගේ 70 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මෝටර් රථය සංරක්ෂණය කිරීමට ජැමෙයිකාවේ ලෑන්ඩ් රෝවර් රථ බෙදා හැරීමේ නිල ඒජන්තවරුන් වන Sandals International Resorts සමාගම තීරණය කරලා තියෙනවා.

1981 වසරේ බොබ් මිය යාමෙන් පසු  ඔහු පරිහරණය කළ සංගීත භාණ්ඩ, ගෘහ භාණ්ඩ මෙන් ම ඔහු ගේ නිවස ද දහස් ගණන් ජනයා නිතර දැක බලා ගන්නා කෞතුක වස්තූන් බවට පත් වූවත් ඔහුගේ ලෑන්ඩ් රෝවරයට එම ගෞරවය අහිමි වී තිබිණි.

බොබ් මාලේ විසින් පැදවූ ලෑන්ඩ් රෝවර ජීප් රථයට නැවත ජීවය දීමට වසර 2ක් පමණ ගත වෙලා තියෙනවා. බොබ් මාලේ කෞතුකාගාරයේ දී මෙලෙස සංරක්ෂණය කරන ලද ලෑන්ඩ් රෝවර් රිය පෙබරවාරි 6 වැනිදා මහජන ප්‍රදර්ශනයට විවෘත වූ අතර එහිදී බොබ් මාලේ අනුස්මරණ සංගීත ප්‍රසංගයක් ද නොමිලේ පැවැත්උනා.

bob1

bob2

bob3

bob4

bob5

bob6

 

ld add copy

ක්‍රීඩා

Connet With Us