ලිංග වන්දනාවේ අලුත් කතාව

Published in අනං මනං
Saturday, 14 February 2015 17:07

ආගමික හා සංස්කෘතික අර්ථයකින් ලිංග ඇදහීම අඩුවැඩි වශයෙන් ඇතැම් ආගම්වල දකින්නට ලැබෙයි. හින්දූන් විශ්වාස කරන අන්දමට ශිව දෙවියන් ධ්‍යාන ගතව සිටියදී එක් නිමේෂයක අතුරුදන් වීමෙන් පසුව එම ස්ථානයේ ශිව ලිංගය පහළ වී තිබේ.

ඒ නිසාම ශිව දෙවියන් යනු ශිව ලිංගයම ලෙස සළකන බැවින් ශිව දේවාලය සහ කෝවිල්වල ශිව ලිංග වන්දනාවට ප්‍රමුඛත්වයක් හිමිවිය. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මොහෙන්ජොදාරෝ, හරප්පා නගරවල හමු වී ඇති නටඹුන් අතර මාතෘ දෙවඟන පිදීම සශ්‍රිකත්වය සංකේතවත් කරමින් ලිංගික අර්ථයකින් සිදු කළ බවට ඇතැම් විද්වතුන් පෙන්වා දෙයි. එසේම හිරු දෙවියන් පොළෝ මහී කාන්තාව සමඟ සංසර්ගයේ යෙදීමෙන් ලෝකයේ ජීවය බිහිවූ බව තවත් විශ්වාසයකි. එය සමරනු වස් පුරාණ ඉන්දියාවේ කාම උත්සව පැවති බවටද යම් යම් තොරතුරු වාර්තා වේ.

එහෙත් ඉකුත් සතියේ ඊශ්‍රායලයෙන් හමු වූ පුරාවිද්‍යාත්මක වැදගත් කමින් යුතු ලිංග හැඩයෙන් යුතු ශෛලමය ස්ථාපන හේතුවෙන් මේ කතිකාව තවත් අලුත් වී තිබේ. ලිංගිකත්වය ව්‍රතයක් ලෙස අනුගමනය කළ පුරණ ගෝත්‍රික ජන කණ්ඩායමකට අයත් බව සැළකෙන නටඹුන් ස්ථාන 100 ක් පිළිබඳ ඉකුත් සතියේ පර්යේෂණ වාර්තාවක් ප්‍රකාශයට පත් විය. ඊශ්‍රායලයේ නෙගෙව් දිස්ත්‍රික්කයට අයත් එලියට් කඳු යායේ මෙලෙස ලිංගික අවයව හැඩයෙන් යුතු ස්ථාපනද, කැටයම් එහිදී හමු වී ඇත. මේවයේ ඉතිහාසය වසර 8000ක් පමණ ඈත අතීතයට දිවයන බව පුරා විද්‍යාඥයන්ගේ මතයයි. ඔවුන් විසින් අනාවරණය කර ඇති අන්දමට විවිධ ගල් වර්ග වලින් යුතු පරිශ්‍ර ගණනාවක් මෙහිදී අනාවරණය කරගෙන ඇත. මේ ගෝත්‍රික වැසියාගේ ජන ශිෂ්ටාචාරයට ඉලක්ක වන පරිදි ගලින් කරන ලද වෘත්තාකාර ගල් ව්‍යුහ තුළ මීටර් 1.5 සිට 2.5 දක්වා එකිනෙකට වෙනස් දුරින් යුතු පුරුෂ ලිංග හැඩයේ සෙල් ස්ථාපන පිහිටුවා තිබුණු බව පෙනෙන්නට තිබේ.

"මේ ශෛලමය පුරාවිද්‍යාත්මක භුමිය පිළිබඳ පුළුල් ගවේෂණයක් සිදු කෙරෙමින් පවතිද්දී වුවද, අනාවරණය වී ඇති මූලික තොරතුරු මත පදනම් වෙමින් ප්‍රධාන මත දෙකක් පිළිබඳව ඉඟි කරන්නට පුළුවන්" මේ පර්යේෂණ කණ්ඩායමේ නායක උසි අව්නර් පවසයි. හෙතෙම " මළ-මුහුද හා අරාවා විද්‍යා මධ්‍යස්ථානය" සහ " අරාවා ආයතනය " නියෝජනය කරන පර්යේෂකයෙකි.

ඔහු ඒ පිලිබඳ තවදුරටත් කරුණු විස්තර කරනුයේ මෙසේය.
" පළමු වැන්න නම් සරු භාවයයි. පුරුෂ ලිංගික ස්වරූපයෙන් උස්ව තනන ලද ස්ථාපන මෙන්ම ස්ත්‍රී යෝනියේ හැඩයෙන් යුතු වෘත්තකාර ස්ථාපන මේ පිළිබඳ මනා සම්බන්ධයක් ගොඩනගනවා. අනෙක් අතට දෙවැන්න නම් මෙහි මරණය සංකේතවත් කරමින් ශෛලමය ස්ථාපන පිහිටුවා තිබීමයි. ඒවා මුණින් අතට හැරවීමෙන් මරණය සංකේතවත් කරනවා" හෙතෙම අවධාරණය කරයි.
මුහුණ වඩා හොඳින් දෘශ්‍යමාන වන මිනිසෙකු වන එක ශෛලමය ස්ථාපනයක් මෙම ස්ථානයේ වළදමා තිබියදී සොයාගෙන තිබේ. උසින් අඩි 2.6( සෙ.මී. 80) ක පමණ උසින් යුතුව මෙම ස්ථාපන පිහිටුවා ඇති අතර මේවා කැටයම් කර ඇත්තේ මිනිස් ස්වරූපයෙනි. අක්කර දෙසීයකට අඩු නොවන භුමි ප්‍රදේශයක් වටවන පරිද්දෙන් මෙවැනි ස්ථාන සමූහ වශයෙන් පවත්නා බව මේ වන විට තහවුරු වී ඇති බව පර්යේෂකයින්ගේ පර්යේෂණ පත්‍රිකාවේ සඳහන්ය.

"පාරිසරික තත්ත්ව හා භූ ලක්ෂණ මෙන්ම ඔඩු දකුණු දිග නෙගෙව් ප්‍රාන්තයේ නව ශිලා වාසස්ථාන කිහිපයක් කෙරෙහි වඩාත් සැලකිලිමත් වෙමින් ඇති විශාල භුමි ප්‍රදේශයක මේ සොයාගැනීම කරන ලද බව" එහි දැක්වෙයි. එසේම මේ ප්‍රදේශය පුරාම මේ හා සමාන කැණීම් ස්ථාන පවත්නා බවද එහි කියවෙයි.
"මේ පුරාවිද්‍යා ස්ථානයන්ගෙන් බහුතර ප්‍රමාණයක් පවතින්නේ එයිලට් කඳුකරයේය. එසේම දකුණු දිග ඊශ්‍රායලයේ කාන්තකරණය වී ඇති නෙගෙව් ප්‍රදේශයෙන් ද මෙවැනි ස්ථාන ගණනාවක් හමුවී තිබේ. ඒ අනුව සමස්තය ඇති විශාල භූමියක පැතිර පවත්නා බව පැහැදිලිය." පත්‍රිකාවේ තැබූ සටහන්වල අන්තර්ගතය.

ඇති විශාල භුමි ප්‍රදේශයක සිදු කරන ලද පර්යේෂණයෙන් මේ වනවිට පුරවිද්‍යාත්මක වටිනාකමින් යුතු ස්ථාන 349ක් හඳුනාගෙන ඇති බවත්, පර්යේෂණයන් විසින් ඒ පිළිබඳ වැඩිදුර සොයාගැනීම් කොට වඩාත් තහවුරු කළ හැකි ලෙස විස්තර එකතු කරන තෙක් ඒ පිළිබඳව ප්‍රසිද්ධියට පත්කළ නොහැකි බව අව්නර් පවසයි.

"මෙවැනි පුර විද්‍යාත්මක ස්ථාන ගණනාවක් මේ වනවිට දින ගතකර ඇතත් තවත් බොහෝ ප්‍රමාණයක කටයුතු නිම කිරීමට පවතිනවා. නෙගෙව් කඳුකර ප්‍රදේශය, දකුණු ජෝර්දානය, හා ශිනයි ආදී ප්‍රදේශයන්ගෙන් බොහෝ දේ සොයාගැනීමට හැකිඋනා" අව්නර් වැඩිදුරටත් කියා සිටියි. මේ වනවිට පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍ර භුමි සිතියම් ගත කොට මනා ආරක්ෂාවක් සලසා වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටියි. දැනට අනාවරණය වී ඇත්තේ භෞතික වශයෙන් සොයාගත් දේ පිළිබඳ මතුපිට කරුණු වුවද වසර දහස් ගණනකට ඉහත මේ ප්‍රදේශවල ජිවත් වූ ගෝත්‍රික ජනයාගේ ලිංග වන්දනාවේ සංස්කෘතිකමය වටිනාකම් පිළිබඳ තොරතුරු ඉතා අවමය. එබැවින් ඉදිරියේදී පර්යේෂකයින් ඒ පිළිබඳ වඩාත් උනන්දු වනු ඇති බව සඳහන්ය.

sex-cult2

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර

(dinamina)

 

ld add copy

ක්‍රීඩා

Connet With Us