ගංජා නීතිය ලිහිල් කෙරේ

Published in අනං මනං
Friday, 23 January 2015 11:28

කංසා සුළු ප්‍රමාණයක් ළඟ තබා ගැනීමට අවසර ලබා දෙමින් ජැමෙයිකාවේ කැබිනට් මණ්ඩලය නව පනතක් සම්මත කර තිබේ.

මේ අනුව ආගමික වතාවත් සඳහා ඖෂධයක් වශයෙන් කංසා යොදා ගන්නා ජැමෙයිකාවේ රස්ටෆාරියන් (Rastafarian) ප්‍රජාවට නීත්‍යානුකුලව ගංජා පානය කිරීමේ නිදහස හිමි වෙයි.

මීට අමතරව ඖෂධීය සහ චිකිත්සක අවශ්‍යතා සඳහා කංසා නොහොත් ගංජා වගා කිරීමට, බෙදා හැරීමට සහ වෙළඳාම් කිරීමට අවසර පත් ලබා දීම සඳහා අධිකාරියක් පිහිටුවීම ද අලුත් පනත හරහා සිදු කෙරෙයි.

නමුත් ජැමෙයිකාවේ ප්‍රසිද්ධ ස්ථානවල ගංජා පානය කිරීම සඳහා පවතින තහනම තව දුරටත් ක්‍රියාත්මක වනු ඇත.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලද නව පනත ජැමෙයිකාවේ සෙනෙට් සභාවේ අනුමැතිය සඳහා ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතයි.

(bbc)

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us