'pk' චිත්‍රපටය අංක එක බවට පත්වෙයි

Published in අනං මනං
Thursday, 15 January 2015 11:35

බොලිවුඩ් සිනමා ඉතිහාසයේ වාර්තා රැසක් බිඳ දමමින් බොලිවුඩ් චිත්‍රපටයක් විසින් උපයාගත් වැඩිම ආදායම උපයා ගැනීමට රාජ්කුමාර් හිරුණිගේ පී.කේ. චිත්‍රපටය සමත්ව ඇත.

පසුගිය වසරේ නොවැම්බර් 19 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා රටවල් රැසක සිනමා ශාලා 6000ක ප්‍රදර්ශනය ආරම්භ කළ මෙම චිත්‍රපටය පසුගිය සති අන්තය වන විට ඉන්දීය රුපියල් කෝටි 611ක මුදලක් උපයා ගැනීමට සමත් විය.

බොලිවුඩයේ සුපිරි ඛාන් නළුවෙකු වන අමීර් ඛාන් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලැබූ අතර, ඔහුගේ පෙම්වතිය ලෙස අනුෂ්කා ෂර්මා රංගනයෙන් දායක විය.

ඔවුන් දෙදෙනා සිනමා පෙම්වතුන් ලෙස පෙනී සිටි පළමු බොලිවුඩ් චිත්‍රපටයද මෙය වීම විශේෂත්වයකි.

මේ වනවිට සිරදඬුවම් ලබා සිටින සංජේ දත්ද මෙහි උප ප්‍රධාන චරිතයක් නිරූපණය කරනු ලබන අතර, බෝමන් ඉරානි, සුශාන්ත් රාජ්පුත් සිං හා සව්රබ් සුක්ලා යන පිරිසද මෙහි රංගනයෙන් දායක වී තිබේ.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us