විලාසිතා ලොවේ කිරුළ පුංචි ජෝර්ජ්ට

Published in අනං මනං
Friday, 02 January 2015 17:01

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ හොඳම විලාසිතාකාරිය වූයේ ඩයනා කුමරියයි. දැන් ඇගේ ‍ලේලිය වන කේට් කුමරියගේ විලාසිතා කෙරෙහිද මුළු ලොවම අවධානය යොමුකර තිබේ.

එහෙත් මේ දෙදෙනාටම වඩා විලාසිතා ලෝකයේ තම නම රැන්දූ කෙනෙක්ද දැන් බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ සිටියි. ඒ තවමත් වයස අවුරුද්දක් පමණක් වූ ජෝර්ජ් කුමරුවන්ය.

2014 වසරේ සුප්‍රකට eBay වෙළෙඳ වබේ අඩවියේ අලෙවි වූ ජනප්‍රියම විලාසිතා එකතුවේ හිමිකරු වූයේ ඔහුයි.

ජෝර්ජ් කුමරු වෙනුවෙන් ඇඳුම් නිර්මාණය කළ බ්‍රිතාන්‍ය ඇඳුම් නිර්මාණ ශිල්පී කැත් කිඩ්සන්ගේ සියලු නිර්මාණ eBay වෙළෙඳ වබේ අඩවියේ අලෙවි වූයේ උණු කැවුම් මෙනි.

එම ඇඳුම් නිර්මාණ ශිල්පියා විසින් ජෝජ් කුමරු වෙනුවෙන් නිර්මාණය කළ වූල් උඩ කබාය වර්ගයේ ඇඳුම් ලක්ෂ දෙකක් පමණ අලෙවි වී ඇත. ජනප්‍රිය චරිතයක් වූ කිම් කාඩාෂියන් පවා මෙවර පුංචි ජෝර්ජ් කුමරුට දෙවැනි වී තිබේ.

george1

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us