ජැක්ලින්ගේ කෑම සුත්‍ර ලංකාවේදී

Published in අනං මනං
Monday, 07 July 2014 13:00

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මේ වන විට ලෝව ප්‍රකට ඉන්දියානු නිළි ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් ලංකාවේදී ” කෑම සූත්‍ර” ඇරඹීම සඳහා මේ දිනවල කාර්ය බහුල වී ඇති බව වාර්තා වේ.

මේ “කෑම සූත්‍ර” කියන්නේ ජැක්ලීන් විසින් ලංකාවේ විවෘත කිරීමට සුදානම් වන අවන්හලේ නම බව ඇය විසින් පසුගිය දින පවසා තිබිණ.

කෑම සූත්‍ර නැමැති නම අදාළ අවන්හල වෙත තිබුණද කිසිදු කාමුක දෙයක් මෙම අවන්හලේ නොමැති බව ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් පවසයි.

මේ අවන්හල එළඹෙන සතියේ කොළඹ නගරයේ විවෘත කරන බවත්, මේ දිනවල ජැක්ලීන් විසින් රඟපෑ කික් චිත්‍රපටයේ වැඩ කටයුතු අතරතුර ලංකාවට පැමිණ ‍ඇයගේ අවන්හල විවෘත කාරීමට නියමිත බවත් ඇය ඉන්දියානු මාධ්‍ය වෙත පවසා ඇත.

කෙසේ වෙතත් ජැක්ලීන් විසින් විවෘත කිරීමට සුදානම්ව සිටින අවහන්හලේ නම පිළිබඳව දෙපාරක් කල්පනාකර අවසානයේ අදාළ අවන්හල වෙත එම නම තැබීමට තීරණය කළ බවද අය වැඩි දුරටත් එම මාධ්‍ය වෙත පවසා තිබේ.

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us