සත්වලෝලියා "කොටි කටට''

Published in අනං මනං
Thursday, 25 September 2014 09:47

නවදිල්ලියේ සතුන් වත්තක කූඩු කර සිටි සුදු කොටියකුගේ ඡායාරූපයක්‌ ගැනීමට තැත් කළ අවුරුදු විස්‌සක පමණ තරුණයකු පය ලිස්‌සා "කොටි කටට" වැටීමෙන් පසු කොටියා විසින් තරුණයා මරා දමා ඇත. 

තරුණයා කූඩුවට වැටුණු විගස කොටියාගෙන් හිරිහැරයක්‌ සිදු වී නැතත් පසුව සිද්ධිය දුටු අය කොටියාට ගලක්‌ ගැසීමෙන් පසු ඌ කුලප්පු වී තරුණයා මරා දමා තිබේ. 

විපතට පත් තරුණයා එතරම් උස් නොවූ ආරක්ෂක වැටට උඩින් එබී බැලූ අතර පසුව දිවියා සිටින කුඩුව තුළට වැටෙන්නට ඇති බව සිදුවීම ඇසින් දුටු හිමන්ෂු CNN-IBN ප්‍රවෘත්ති චැනලයට පැවසුවේය.

“සවස 1.30 ට පමණ එක පාරටම මහ හඬින් කෑ ගහන ශබ්දය ඇසෙන වෙලාවේ අපි හිටියේ උරගයෝ ඉන්න ප්‍රදේශයේ. මම ඇළි දිවියා ඉන්න කුඩුව පැත්තට දුවගෙන ගියා. එතකොට මම දැක්ක දිවියා තරුණයෙකුගේ බෙල්ලෙන් අල්ලගෙන ඉන්න හැටි. තරුණයා වේදනාවෙන් දඟලමින් හිටිය. අසළ හිටපු ළමයි කෝටු කෑලි සහ ගල් කැට දිවිය ඉන්න දිහාවට වීසි කළා. මිනිත්තු දහයක් විතර මේ විදියට ගත වුනත් කවුරුවත් එම තරුණයාව බේරගන්න ආවේ නැහැ” යනුවෙන් ඔහු පැවසීය.

මේ සතුන් වත්තේ සතුන්ගේ සිහිය විකල් කරනු ලබන එන්නත් තිබී නැති බව කියති. තරුණයා මරා දැමීමට පෙර ගත් ඡායාරූපයකි මේ.

(පින්තූරය - එන්. වෙන්කට්‌ නාරායන්)

Last modified on Thursday, 25 September 2014 11:42

worky

worky1

ld add copy

Latest News

ඊලෝන් මස්ක්  සහ ජනපති අතර හමුවක්

ඊලෝන් මස්ක් සහ ජනපති අතර හමුවක්

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව පැවැත්වුණු ඉහළ පෙළේ රැස්වීමකදී ජනාධිපති රනිල්...

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us