සත්වලෝලියා "කොටි කටට''

Published in අනං මනං
Thursday, 25 September 2014 09:47

නවදිල්ලියේ සතුන් වත්තක කූඩු කර සිටි සුදු කොටියකුගේ ඡායාරූපයක්‌ ගැනීමට තැත් කළ අවුරුදු විස්‌සක පමණ තරුණයකු පය ලිස්‌සා "කොටි කටට" වැටීමෙන් පසු කොටියා විසින් තරුණයා මරා දමා ඇත. 

තරුණයා කූඩුවට වැටුණු විගස කොටියාගෙන් හිරිහැරයක්‌ සිදු වී නැතත් පසුව සිද්ධිය දුටු අය කොටියාට ගලක්‌ ගැසීමෙන් පසු ඌ කුලප්පු වී තරුණයා මරා දමා තිබේ. 

විපතට පත් තරුණයා එතරම් උස් නොවූ ආරක්ෂක වැටට උඩින් එබී බැලූ අතර පසුව දිවියා සිටින කුඩුව තුළට වැටෙන්නට ඇති බව සිදුවීම ඇසින් දුටු හිමන්ෂු CNN-IBN ප්‍රවෘත්ති චැනලයට පැවසුවේය.

“සවස 1.30 ට පමණ එක පාරටම මහ හඬින් කෑ ගහන ශබ්දය ඇසෙන වෙලාවේ අපි හිටියේ උරගයෝ ඉන්න ප්‍රදේශයේ. මම ඇළි දිවියා ඉන්න කුඩුව පැත්තට දුවගෙන ගියා. එතකොට මම දැක්ක දිවියා තරුණයෙකුගේ බෙල්ලෙන් අල්ලගෙන ඉන්න හැටි. තරුණයා වේදනාවෙන් දඟලමින් හිටිය. අසළ හිටපු ළමයි කෝටු කෑලි සහ ගල් කැට දිවිය ඉන්න දිහාවට වීසි කළා. මිනිත්තු දහයක් විතර මේ විදියට ගත වුනත් කවුරුවත් එම තරුණයාව බේරගන්න ආවේ නැහැ” යනුවෙන් ඔහු පැවසීය.

මේ සතුන් වත්තේ සතුන්ගේ සිහිය විකල් කරනු ලබන එන්නත් තිබී නැති බව කියති. තරුණයා මරා දැමීමට පෙර ගත් ඡායාරූපයකි මේ.

(පින්තූරය - එන්. වෙන්කට්‌ නාරායන්)

Last modified on Thursday, 25 September 2014 11:42

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us