ලොකුම ගෙවල් හදන්නත් එපා ! මේක කියවන්න අමතක කරන්නත් එපා ! Featured

Published in අනං මනං
Tuesday, 07 January 2025 10:08

1. කවදාවත් පලාතෙ තියෙන ලොකුම ගේ හදන්න ගන්න එපා..

මොකද මැරෙන කම්ම ඒක හදන එක තමයි වෙන්නෙ..

2. තරගෙට වාහන ගන්නත් එපා. ඒකත් එහෙමමයි

3. දරුවො සලකයි කියලා තියෙන ඔක්කොම කලින්ම බෙදන්න යන්නත් එපා

4. රස්සාවෙන් අන්තිමට ලැබෙන මුදල කොහොමත් කාටවත් දෙන්න එපා

5. මගෙ ලමයි කියලා ඒගොල්ලො ලග පදින්චියට යන්නත් එපා.. ඒ ගොල්ලොත් හැකි පමන ලග තියාගන්නත් එපා.

6. පුලුවන් කාලෙ කැමති තැන් තමුන්ම යනව මිසක් දරුවො එක්ක යයි කියලා හීන දකින්නත් එපා..

7. සැමියා , බිරිද කන්න කැමති දෙයක් හදල, එහෙම නැත්තම් ගෙනැවිත් දෙනව මිසක් පස්සෙ එයා ආසයි කියලා දානෙට දෙන්න ඉන්නත් එපා..

8. උදේ ඉදන් රෑ වෙනකන් කරන්න වැඩ හදාගන්නත් එපා....

9. ගානට කන එකයි, අවශ්‍ය පමන නින්දයි අපි නීරෝගී කරන බව අමතක කරන්නත් එපා ..

10.. අරය කරයි, මෙයා කරයි කියලා කිසි දෙයක් කාගෙන්වත් බලාපොරොත්තු වෙන්නත් එපා.. ලැබුනොත් ඒක බෝනස් එකක්

වයසට යනකොට මේ ටික හදාගත්තොත් විස්වාස කරන්න අපි හැමෝම කවදත් සතුටින් .. මොකද බලාපොරොත්තු කඩවීම කියන්නෙම මේ ලෝකයේ තියෙන දරුනුම හිත් වේදනාවල් වලින් එකක්

.(,අන්තර්ජාලය ඇසුරෙන්)

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us