ඇඟ විකිනීමට සිදුවූ නිළියට වාසනාව පෑදෙයි

Published in අනං මනං
Sunday, 07 September 2014 10:19

ගණිකා වෘත්තියේ යෙදෙන බවට චෝදනා ලබා පසුගියදා අත් අඩංගුවට පත්වු සම්මාන ලාභී ඉන්දිය නිළි ස්වේතා බාසුට සම්මානලාභී චිත්‍රපට  අධ්‍යක්ෂවරයෙක් සිය මීළග නිර්මානය සදහා ඇරයුම් කරයි.

චිත්‍රපට අධ්‍යක්ෂ  හැන්සාල් මෙහෙතා ට්ව්ටර් පණිවිඩයක් යොමුකරමින් සදහන් කර ඇත්තේ මෙම ගණිකා චෝදනාව නිසාම තමන්  ස්වේතා බාසු පිළිබදව සෙයා බැලු බවයි. ඊට පෙර තමන් ඇය පිළිබදව නොදැන සිටි බවත් මෙම සිදුවීම නිසා ඇය රගපෑ චිත්‍රපට සොයා ඒවා නැරඹු බවත් ඔහු  සදහන් කර තිබේ.

ඒවායේ ඇය ඉතා දක්ෂ අන්දමන් රගපා ඇති බැවින් සිය මීළග චිත්‍රපටයට ඇය  තෝරා ගන්නා බව හැන්සාල්  මෙහෙතා කියයි.මේ අතර ඇයට අගෟරව කරන ආකාරයේ පුවත් පළ නොකරන ලෙසද ඔහු ඉල්ලීමක් කර තිබේ.


තමන් මෙම  වෘත්තියට පෙළඹුනේ ජීවත්වීම සදහා අවශ්‍ය මුදල් නොමැති කම නිසා බව ස්ව්තා බාසු පවසා තිබේ.

මේ වන විට ඇය රජයේ පුනුරුත්ථාපන භාරයේ රදවා සිටියි.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us