බල්ලෙකු හා විවාහ වූ ඉන්දීය තරුණිය

Published in අනං මනං
Friday, 05 September 2014 11:11
දහ අට හැවිරිදි ඉන්දියානු යුවතියක් දඩාවතේ යන බල්ලෙකු හා විවාහ වී ඇති බව වාර්තා වේ. මංග්ලි මුණ්ඩා නම් මෙම තරුණිය නැගෙනහිර ඉන්දියාවේ ජාකන්ඩ් ප්‍රාන්තයේ පිටිසර ගම්මානයක ජීවත්වන්නියකි.
 මෙලෙස සුනඛයින් වැනි සතුන් හා විවාහ වීම ගෝත්‍රික චාරිත්‍රයක් වන අතර එසේ විවාහ වන්නේ යම් යම් ශාපයන්ගෙන් සහ අපල උපද්‍රව වලින් මීදීම සඳහා බවයි පැවසෙන්නේ.
 
මංග්ලි මුණ්ඩා ද දඩාවතේ ගන මෙම සුනඛයා හා විවාහ වී ඇත්තේද ගමේ වැඩිහිටියන් පවසන පරිදි ඇයට ඇති ශාපයකින් මිදීම සඳහාය.
 
ඇය බල්ලෙකු හා විවාහ වීමෙන් පසු එම ශාපය බල්ලා වෙත යන බවත් එලෙස බල්ලෙකු හා විවාහ නොවී පුරුෂයෙකු හා විවාහ වුවහොත් ශාපය හේතුවෙන් ඇගේ පවුලත් එම ප්‍රජාවත් විනාශ වන බවත් ඔවුන්ගේ විශ්වාසයයි.
 
බල්ලා සමඟ විවාහ වීමෙන් පසු මාස කිහිපයක් එම සත්වයාව සුරතලෙකු ලෙස හදා වඩා ගත යුතු වන අතර ඉන් අන්තුරුව මංග්ලිට පුරුෂයෙකු හා විවාහ පත් විය හැක. 

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us