ලොව විශාලතම දෑතේ හිමිකාරිය

Published in අනං මනං
Thursday, 04 September 2014 11:58

ඩුවන්ග්ජේ සමක්සාමම් කියන්නේ තායිලන්තයේ වෙසෙන 50 හැවිරිදි කාන්තාවක්. ලොව විශාලතම අත් පිහිටා තිබෙන බවට සැළකෙන ඇය වසර 20ක් තිස්සේ ලෝකයෙන් වසන් වී ජීවත් වුවත් සිය මාපියන්ගේ අභාවයෙන් පසු ඇයට ලොවට මුහුණදෙන්නට සිදුවූයේ ජීවත්වීමේ මඟක් සොයාගත යුතු නිසයි.

කෙදිනකවත් පාසල් නොගිය සමක්සාමම් කියවන්නට හෝ ලියන්නට දැනුමක් නැතත් ඉතා සුළුවෙන් ග්‍රොසරියක් පවත්වාගෙන යන්නේ සිය සොයුරිය හා ලේලිය සමඟ ජීවිතේ ගෙවමින්.තනිවම හිස පීරීමට හෝ කුඩා දෙයක් අතට ග‍‍්‍රහණය කළ නොහැකි ඇය ලොව ඉතා දුර්ලභව පවතින රෝගයකින් පෙළෙනවා.

මැක්‍රොඩයිස්ට්‍රොෆියා ලිපොමැස්ටෝසා යන උපතේ සිට සිරුරේ කොටසක් අසාමාන්‍ය ලෙස විශාල වීමේ රෝගයෙන් පෙළෙන ඇයගේ උරහිසේ සිට ඇඟිලි දක්වා කොටස අසාමාන්‍ය ලෙස විශාලයි.

අසාමාන්‍ය ස්වරූපය නිසා ලෝකනේ වසන්ව සිටි ඇය වරින් වර සැත්කම් ගණනාවකට මුහුණ දුන්නත් ඒ කිසිදු සැත්කමක් දීර්ඝකාලීන සාර්ථක විසඳුමක් ලබාදීමට සමත් වී නැහැ.

මෙවැනි රෝගයක් ඇති බවට පැවසුවත් වෛද්‍යවරු පවසා තිබුණේ දෑත් මෙතරම් විශාල වී ඇති පුද්ගලයකු පිළිබඳ මෙතෙක් අසන්නට නොහැකි බවයි.

උපතේ පටන් එන මේ රෝගය නිසා දෑතේ වරින් වර ඇතිවන අධික වේදනාව දරාගනිමින් තවදුරටත් වේගයෙන් වර්ධනය වන දෑත් සමඟ ජීවිතේ බොහෝ වරප‍‍්‍රසාද අහිමි ඇය සිය කුඩා අලෙවිසලෙන් ලැබෙන ආදායමෙන් ජීවත් වන බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us