මේ පිළිබද කිසිදු අවබෝධයක් නැතිව, පිරිවැටුම මත පදනම් වූ බදු ක්‍රමයක් ගැන අනුර කුමාර දිසානායක පදනමක් නැති කතා කියන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේය.
මෙහි දී අමාත්‍යවරයා තව දුරටත් පවසා සිටියේ මෙයින් පැහැදිලි වනුයේ ජාතික ජන බලවේගයේ නායකයා පිරිවැටුම ගැනවත් අවබෝධයක් නැති පුද්ගලයකු බව යි.
අනුර කුමාර සඳහන් කරනුයේ බදු පිට බදු අය කිරීමක් ගැන බවත් එවැනි බදු අය කිරීම මේ වන විට ලෝකයෙන් බැහැර වී ගිය ක්‍රම බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.