ගුවන් සේවා නිලධාරිනිය ඝාතනයේ සැකකරු පාතාල ඇල්ටෝ දර්මේගේ සහෝදරයා බව හෙළිවේ -තවත් තතු රැසක් එළියට

Published in Gossip
Wednesday, 10 January 2024 13:14

කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේදී අද (10) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විදෙස්ගතවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

කහතුඩුව අධිවේගී පිවිසුම අසළදී ඊයේ පස්වරුවේ තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබුණි.

සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවය කරන ඇය රැකියාව නිමවා කාර්යාල සේවා බස් රථයෙන් කහතුඩුව අධිවේගී පිවිසුම වෙත පැමිණ තිබුණි.

එම කාන්තාව හොරණ - කොළඹ මාර්ගයට පැමිණෙමින් සිටියදී පුද්ගලයෙකු ඇයට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පැවසීය.

ඝාතනය සිදුකළ පුද්ගලයා අනතුරුව මෝටර් රථයකින් එම ස්ථානයෙන් පළාගොස් තිබුණි.

මෙලෙස ඝාතනයට ලක්වූයේ පිළියන්දල මඩපාත ජබුරලිය පදිංචිව සිටි දුලාංජලී අනුරුද්දිකා නැමැති 42 හැවිරිදි එක් දරු මවකි.

ඇයගේ සැමියා පානදුර රෝහලේ වෛද්‍යවරයෙක් බවයි වාර්තාවෙයි.

ඝාතකයා පැමිණි මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමේදී ඔහු පිළිබඳව පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබුණි.

ඒ අනුව සැකකරු විදෙස්ගතවීමට උත්සහා ගැනීමේදී අද අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එලෙස අත්අඩංගුවට පත් වුණේ 47ත් හැවිරිදි ඩන්ස්ටන් ප්‍රසාද් නැමැත්තෙකි.

පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ, ඝාතනයට ලක් වූ පුද්ගලයා හා අදාළ කාන්තාව අතර කලක පටන් සමීප සබඳතාවක් තිබී ඇති බවය.

ඔවුන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුව ඇතැයි සැකකරන බවද පොලිසිය සඳහන් කළේය.

සැකකරු ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධ සහ ඒ සඳහා පැමිණි මෝටර් රථය සොයා පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

සැකකරු පාතාල සාමාජිකයෙකුවන ඇල්ටෝ දර්මේ නැමැත්තාගේ වැඩිමහල් සහෝදරයා බව ද පොලිසිය සඳහන් කළේය.

-P.M

Leave a comment

 

ld add copy

Latest News

අස්වැසුම, උරුමය දේශපාලනඥයන්ට බෑ

අස්වැසුම, උරුමය දේශපාලනඥයන්ට බෑ

ජනාධිපතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කර තිබෙන බැවින් උරුමය, අස්වැසුම සහ ජයගමු ශ්‍රී ලංකා වැනි මහජ...

Connet With Us