සයමසක පෙම පිහි ඇනුමෙන් අවසන් වේ.

Published in Gossip
Monday, 08 January 2024 09:57

සිය රූමත් පෙම්වතිය සමඟ ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව පෙම්වතා විසින් ඇය පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.

24 හැවිරිදි සැකකාර පෙම්වතා ඝාතනයට යොදාගත් පිහියත් සමඟ පොලිසි‍ය මඟින් ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සුරතල් මසුන් අලෙවි කරන්නෙකු බව පොලිසිය සඳහන් කරයි.

ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල බටකැත්තර එල් එස් වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි ඇඟලුම් සේවිකාවක ලෙස රැකියාව කළ ජේ. එම්. අයේෂා ලක්මිණි 26 නමැති තරුණියයි.

ඝාතනයට ලක් වූ තරුණිය සිය මව පියා හා සහෝදරයා සමඟ එල් එස් වත්ත නිවසක කොටසකට කුලී පදනම මත මීට වසර එකහමාරකට පමණ ඉහතදී පැමිණ ඇතැයි පොලිසිය කියයි.

සැකකාර පෙම්වතා සමඟ ඝාතනයට ලක් වූ තරුණිය මීට වසර හයකට පමණ ඉහතදී ප්‍රේම සබඳතාවක් ගොඩනඟාගෙන තිබී ඇති අතර මාස තුනක පමණ කාලයක සිට ඇය පෙම්වතා මඟහැරීමට කටයුතු කර ඇති බව සැකකරුගේ පාපෝච්චාරණයකින් අනාවරණය වී යැයි පොලිසිය කියයි.

ඔහු තරුණියගේ නිවසට පැමිණි අවස්ථාවලදී තරුණියගේ මවද ඉක්මනින් තරුණය පිටත් කර හරින ලෙස තරුණියව නිවස තුළට කතා කර පවසන අයුරු තරුණයාට ඇසී ඇති බවද ඔහු පොලිසියට කරන ලද ප්‍රකාශවල සඳහන් වන බව පොලිසිය කියයි.

ඊයේ (7) දින ද සැකකාර පෙම්වතා සිය යතුරුපැදියෙන් පෙම්වතිය හමුවීම සඳහා නිවසට පැමිණ මඳ වේලාවක් කතාබස් කරමින් සිට පිටවී ගොස් මඳ වේලාවකදී නිවසට පැමිණ අනතුරුව ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව මෙම ඝාතනය සිදුව තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පෙම්වතාගේ පිහි ප්‍රහාරය අතරතුර නිවසින් එළියට පලා ආ තරුණිය අම්මේ, තාත්තේ, මට පිහියෙන් ඇන්නා යැයි කෑ ගසා හඬා වැටෙමින් නිවස ඉදිරිපිට ලේ විලක් මැද ඇදවැටීමත් සමඟම එම ශබ්දය ඇසී එම ස්ථානයට දිව ආ නිවෙස් හිමි කාන්තාව වහා දිව ගොස් යාබද නිවසක ත්‍රිරෝද රථයක් ගෙන්වාගෙන තරුණිය රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

ඒ අතරතුර සැකකාර පෙම්වතා ඝාතනයට යොදාගත් පිහිය ඉණේ ගසාගෙන යතුරුපැදියේ නැඟී පලායාමට තැත් කිරීමේදී අසල්වාසී තරුණයන් විසින් ඔහු අල්ලාගෙන ඒ බව පිළියන්දල පොලිසිය වෙත දැනුම් දී ඔහු පොලිසිය වෙත භාර දී ඇත.

සැකකරු ඝාතනය සඳහා යොදාගත් පිහිය මිලදීගෙන ඇත්තේ බටකැත්තර ප්‍රදේශයේ වෙළෙඳසලකින් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

තරුණිය රෝහල්ගත කරන කොටත් මියගොස් සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සිද්ධි වූ ස්ථානයට ගල්කිස්ස අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීහු පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.

-P.M

Last modified on Monday, 08 January 2024 13:00

Leave a comment

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us