සමලිංගික අයිතීන් වෙනුවෙන් පැරිසියේ පෙළපාලී

Published in අනං මනං
Monday, 30 June 2014 05:30

සමලිංගිකයන්ට වෙනස් ලෙස සැලකීමට එරෙහිව හා සියලු දෙනාට සමාන අයිතීන් ලබාදෙන ලෙස ඉල්ලා විරෝධතා පෙළපාලියක් ප්‍රංශයේ පැරිස් නුවරදී ඊයේ (28) පැවැත්විණි.

විශාල ජනකායක් සහභාගිවූ මෙම පෙළපාලියට සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනීසිටින සංවිධාන, මානව හිමිකම් සංවිධාන, වාමාංශික දේශපාලන පක්ෂ, කාන්තා සංවිධාන, වෘත්තීය සමිති හා කලාකරුවන්ද සහභාගිවිය.

ඉන් බහුතරය තරුණ තරුණියන්ය .ඇද හැලුණු වර්ෂාවද නොතකා, "ලුක්සම්බර්ග්" උද්‍යානය ඉදිරිපිටින් ඇරඹි පෙළපාලිය "බැස්ටිල්" ඔස්සේ "රිපබ්ලික්" චතුරශය අසලින් අවසන් කරනවිට පැය හතරකට වැඩි කාලයක් ඉක්ම ගොස් තිබිණි.

(mirrorgirl)

Last modified on Monday, 30 June 2014 12:39

ld add copy

Latest News

තිරිගු පිටි මිල ඉහළට

තිරිගු පිටි මිල ඉහළට

ප්‍රීමා තිරිගු පිටි සාමාගමේ නිෂ්පාදිත බේකරි කර්මාන්තය සදහා උපයෝගි කර ගන්නා ප්‍රීමා මිල්ක් බ්‍රෑන්ඩ්...

Connet With Us