අද ඩෙඟා නටන්න හිටපු විපස්සෙට වෙච්ච දේ

Published in Gossip
Wednesday, 31 August 2022 13:30

ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අය වැය ඉදිරිපත් කිරීමන් පසුව අද දිනය වන විට විපක්ෂයේ දේශපාලන පක්ෂ ගනනාවක් බලාපොරොත්තු තබාගෙන සිටියේ රනිල්ට එරෙහිව විශාල උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට එළැඹීමටය.

මේ අයගේ පෙර සූදානම වූයේ අය වැයෙන් ජනතාවට සහන කිසිවක් ලැබුණේ නැතැයි කියමින් ලොකු ජෝගියක් නටන්නටය. අද දින ඩලස්ලා පොහොට්‍ටුවෙන් ගැලවී විපක්ෂයේ වාඩි වෙන්න තීරණය කර තිබුණේ ඒ වෙනුවෙනි. ඒ හරහා විපක්ෂයේ නායකත්වය ඩැහැ ගැනීම දක්වා ඔවුන්ගේ සටන සැලසුම් කර තිබිණි. ඒත් වැඩේ දැන් ලත්තැන ලොප්ය.දැන් අය වැයට එරෙහි වන්නට සිල්ලර හේතු හොයමින් සිටී.

ජනතා විමුක්ති පෙරමුණද සූදානම් වූයේ ලොකු ආණ්ඩු විරෝධී වැඩකටය. ඊයේ අය වැය ඉදිරිපත් කරන්න පෙර ජවිපෙ වසන්ත සමරසිංහ මාධ්‍ය සාකච්ඡාවක් තබමින් කිව්වේ ද මේ අය වැයෙන් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බවය. සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයේ ඇතැමුන්ද බලාගෙන සිටියේ ආණ්ඩුවට තදින් ගහන්න පුලුවන් අවස්ථාවක් ලැබෙන තෙක්ය.

රජයට ඩොලර් සහ රුපියල් හීඟ වීමේ ගැටලුව මත ජනතාවට පටි තදකර ගන්නැයි කියමිත් තිබෙන සහනාධාරත් කපා හැර බදු පිට බදු ගසමින් මහ වියවුලකට පාර කැපීම හැර වෙන කිසිවක් කිරීමට ජනාධිපතිවරයාට නොහැකි වෙනු ඇති බවට මේ අය ඔවුන්ගේ දැනුමේ තරමින් අවබෝධයක සිටියහ.

එහෙත් අය වැය පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විශාල සහන ‍රැසක් යෝජනා කර තිබූ අතර රට වැසියා මුහුණ දෙමින් තිබෙන ගැටලු රැසකට විසඳුම් යෝජනා කර තිබිණි. එසේම රටේ කෘෂි ක්ෂේත්‍රය නවීනත්වයෙන් යුතුව නංවාලීම සහ ස්වයං රැකියා ක්ෂේත්‍රය නංවාලීම ගැන යෝජනා රැසක් තිබිණි.

විශේෂයෙන්ම මතක් කළයුතු දෙයක් නම් මෙරට ශ්‍රම බලකායේ ඉතාම දුර්වලතාවයක් වූ පුහුණු ශ්‍රමිකයන් හිඟ කමට පිළියම් රැසක් යෝජනා කර තිබීමය. මෙරට ශ්‍රමිකයන්ට විධිමත් පිළිගැනීමක් සහිත පුහුණුවීම් අවස්ථාව සහ පිළිගත් සහතිකයක් ලබාගැනීමට හැකි වීම විශේෂයෙන්ම විදේශ රැකියා සඳහා යොමු වීමට තිබූ විශාල බාධාවක් ඉවත් කිරීමකි.

එසේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ඉතා වැදගත් යෝජනා රැසක් ඉදිරිපත් කර තිබිණි. මේවා සාමාන්‍ය ජනතාවට සෘජුව බලපාන ගැටලු සඳහා විසඳුම් ලෙස ක්‍රියාත්මක වේ.

මේ තත්වයන් හමුවේ මෙම අයවැය යෝජනා වලියට අවංකව විරුද්ධ වීමේ හැකියාවක් කිසිවකුට නැත. රට මුහුණ දෙමින් තිබෙන අර්බුද හමුවේ වඩාත්ම යෝග්‍ය විසඳුමක් වෙත අවතීරණය වීමේ මාර්ගය මෙවර අයවැයෙන් පෙන්වා තිබෙන බව ආර්ථික ක්ෂේත්‍රයේ පොදු පිළිගැනීම බවට මේ වන විටත් පත්ව තිබේ.

කොහොම නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළේ ඔහුගේ යෝජනාවන් පමණකි. රට ගොඩනැගීම ගැන වැඩි මනත් යෝජනා තිබෙන නම් විපක්ෂයට ඒ ඉදිරිපත් කර මෙම යෝජනා වලිය තවත් ශක්තිමත් කිරීමේ හැකියාව විපක්ෂයට තිබේ.

එහෙත් රට මුහුණ දෙන අර්බුදය කුමක්ද යන්න ගැනවත් තවමත් තේරුමක් නැති හුදු ආණ්ඩු විරෝධයක් නඩත්තු කරමින් තක්කඩි දේශපාලනයක යෙදෙන කොටස් වලින් අලුත් විසැඳුම් බලාපොරොත්තු විය නොහැක.

ඩලස්ලා සජිත්ලා අනුරලා අයවැයට විරුද්ධ වෙමින් මොන ඩෙඟා නැටුමක් නටන්න හැදුවත් ඒවා දෙකේ පංතියේ වැඩ බව දැන් ජනතාවට තේරුම් ගැනීමට අමාරු දේවල් නොවේ.

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us