රන්ජන්ට ජනපති සමාව හිමි වෙයිද ?

Published in පුවත්
Thursday, 29 April 2021 11:01

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදි කරුවෙකු වී සිවු අවුරුදු සිර දඩුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව දීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟතාවය පළ කොට ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (28 }දින අඟුණකොළපෑලැස්සේදී ප්‍රකාශ කර තිබේ.

අඟුණකොළපෑලැස්ස බන්ධානාගාරයේ සිටින රංජන් රාමණායකගේ සුව දුක් බැලීම සදහා පැමිණි පාර්ලිමෙන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මාධ්‍ය හමුවේ එසේ පැවසීය.

''දැන් රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රී තුමා මාස 04 ක පමණ සිර දඩුවම් විඳ තිබෙනවා. එතුමා සිර ගතව සිටින්නේ අපරාධකාරයෙක් විධියට නොවේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට අපහාස කිරීම හේතු කොට ගෙන කෙසේ දඩුවම් දිය යුතුද යන්න මෙටර නීති පොත්වල සදහන්ව නෑ. එහෙම තත්වයක් තුළ තමයි එතුමා බන්ධනාගාර ගත්ව සිටින්නේ. රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දීමට පක්ෂ විපක්ෂ හැමෝම අකමැති වෙන එකක් නෑ. එතුමාත් අපෙක්ෂාවෙන් ඉන්නවා හැකි ඉක්මනින් බන්ධනාගාරයෙන් නිදහස්ව එන්න. විපක්ෂ නායක තුමා පවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබුණා රංජන් රාමනායක හිටපු මන්ත්‍රී තුමාට සමාව දෙන ලෙසට. ඊට ජනාධිපති තුමා එකග වී පවසා තිබෙනවා අදාළ ලියකියවිලි සකස් කොට එම ඉල්ලීම සිදු කරන්නට කියා. අපේ බලාපොරතේතුවක් තිබෙනවා නුදුරු දිනයකදීම රංජන් රාමනායක මහතාට බන්ධනාගාරයෙන් නිදහස්ව එන්නට හැකිවේ යැයි කියා.''

-පංචාලි අබේසේකර

Last modified on Friday, 01 December 2023 14:06

Leave a comment

worky

worky1

ld add copy

Latest News

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us