නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමට එරෙහි බලවේග පි‍ටුපස චීනය  

Published in Gossip
Monday, 18 January 2021 10:34

කොළම වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමවන අදානි සමාගමට ලබා දිමට එරෙහිව මේ වන විට වරය වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ කණ්ඩායම් කිහිපයක් පෙළගැසී සිටී.

වරාය වෘත්තීය සමිතිවල විරෝධය ක්‍රියාත්මක වන ආකාරය ගැන අවබෝධයක් ලැබිය හැකි නමුත් මෙම සටන අතට ගෙන ක්‍රියාත්මක කිරීමට වෙහෙසෙන ඇතැම් කණ්ඩායම් හී ක්‍රියාකාරිත්වය ප්‍රශ්නකාරී බව ඇතැම් පිරිස් පෙන්වා දෙමින් තිබේ.

නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට පසුගිය යහපාලන යුගයේදී ගත් තීන්දුවට මුලින්ම එරෙහි වූයේ චීනයය. එය වැලැක්වීම වෙනුවෙන් චීනය රාජතන්ත්‍රික මට්ටමින් බලපෑමක් සිදු කරන ලදී. මේ වන විටත් වත්මන් ආණ්ඩුවටද එලෙස බලපෑමක් සිදු කෙරෙමින් තිබෙන අතර වරාය සටනට චීන මුදල් මත යැපෙන කණ්ඩායම් ගනනාවක් රිංගවීමට කටයුතු කර ඇති බවත් ඇතැම් පාර්ශ්ව සැක පළ කරයි.

චීනය විසින් නඩත්තු කරන දේශපාලකයන්, එම කණ්ඩායම් මාධ්‍යවේදීන් වෘත්තිකයන් ආදී ජනමතය කෙරෙහි බලපෑමක් සිදු කළ හැකි විශාල පිරිසක් මෙරට සිටින බව රහසක් නොවේ. එම පිරිස් අවශ්‍ය මොහොතේ සක්‍රීය කිරීමට චීනයට හැකියාවක් තිබේ.

මේ අතර කොළඹ වරායේ ජයබහලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට චීනය ඉල්ලීමක් කරතිබෙන අතර මේ වන විට ඊට යම් අනුකූලතාවයක් දැක්වීම ආණ්ඩුව වෙතින් සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ නමුත් දකුණු ආසියානු කලාපීය බලවතා වන ඉන්දියාව අභිබවා යෑමේ හැකියාවත් චීනයට නොමැත. චීනය තායිලන්තය හරහා ක්‍රා ඇල කැපීමට ගත් උත්සාහයද ඉන්දියාව විසින් තායිලන්තයට කරන ලද දැඩි අනතුරු හැඟවීම් නිසා තායිලන්තය එය මීට මාස හතරකට පෙර අකුලා ගන්නා ලදී.. ඉන්දියාව හමුවේ තිබෙන කලාපීය බලය හමුවේ චීනය නැගෙනහිර ජැටිය සම්බන්ධ ගැටලුවේදී පරාජය වීමේ සම්භාවිතාව වැඩිය.

Last modified on Monday, 18 January 2021 10:35

Leave a comment

ld add copy

Latest News

තිලකා ජයසුන්දර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට

තිලකා ජයසුන්දර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට

ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාර...

Connet With Us