මුදල් අමාත්‍යංශ ලොක්කන්ට අගමැතිගෙන් තරව‍ටුවක්.ගමට යන්න සල්ලි දෙන්න කියයි.

Published in Gossip
Tuesday, 08 December 2020 12:00

පසුගියදා වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන පවසා තිබුණේ මුදල් අමත්‍යංශයේ ඉහළ නිලධාරීන් ඉදිරියේ තමන්ට පුලන්නන් වී සිටීමට සිදුව ඇති බවය. අමාත්‍යංශ මට්ටමින් සිදුකෙරෙන සංවර්ධන කාර්යන් වෙනුවෙන් මුදල් ලබා ගැනීමේදී මේ නිලධාරීන්ගේ වුවමනා එපාකම් වලට යටවීමට සිදුව තිබීම මෙයට හේතුවය.

රටේ ආර්ථිකය අතිශය දුෂ්කර අවස්ථාවක් පසුකරමින් සිටින තත්වය මත අමාත්‍යංශ ලේකම් වරයාට සහ ඉහළ නිලධාරීන්ට දැඩි තීන්දු තීරණ මත මුල්‍ය පරිපාලනය කිරීමට සිදුව තිබේ.

එහෙත් ඊයේ දිනයේදී මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ‍රැස්කර මෙම මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු ඉහළම නිලධාරීන් සහ ඇමැතිවරුන් වන ගාමිණි ලොකුගේ, ෂෙහාන් සේමසිංහ,අජිත් නිවාඩ් කබ්රාල්,මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, මහාචාර්ය රංජිත් බණ්ඩාර, ගුණපාල රත්නසේකර, එස් වියලේනද්‍රන්, ප්‍රමිත බණ්ඩාර, මොහොමඩ් මුසාමිල් ඇතුලු පිරිසක් කළ සාකච්ඡාවේදී අගමැති මහින්ද රාජපක්ෂ මේ නිලධාරීවාදී ක්‍රියාකලාපය විවේචනය කර ඇත.

එහිදී මැතිඇමැතිවරු තමන් මුහුන පා සිටින මුල්‍ය දුෂ්කරතා ගැන චෝදනා මුඛයෙන් කතා කර තිබේ. මෙහිදී අගමැතිවරයා පවසා ඇත්තේ ග්‍රාමීය සහ නාගරික වැසියන්ගේ සැබෑ අවශ්‍යතා හඳුනාගෙන අදාල ව්‍යාපෘති සිදු කිරීමට මුදල් අමාත්‍යංශය සම්පූර්ණ සහයෝගය දැක්විය යුතු බවය. ශ්‍රී ලාංකිකයන්ගෙන් 72%ක් වූ ග්‍රාමීය සහ අර්ධ නාගරිකයන්ගේ ජීවන මට්ටමේ සාධනීය වෙනසක් ඇති කිරීමට නම් නිලධාරිවාදයට නොව ජනතාවගේ අත්‍යවශ්‍ය ප්‍රමුඛතාවයන්ට මුල් තැන දිය යුතු බව මෙහිදී යෝජනා කර ඇති අතර, ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ ෂෙහාන් සේමසිංහගේ ද සහයෝගය ඇතිව ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කිරීමට මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල එකඟතාව ද පළ කර තිබේ.. ඒ අනුව ' වැඩ සමඟ යළි ගමට' යනුවෙන් වන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කිරීමට යෝජනා වී ඇති අතර එය ලබන 14 වෙනි දින ආරම්බ කිරීමටද නියමිතය.

Leave a comment

worky

worky1

ld add copy

Latest News

මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට සහ රුසියාවට භාර දෙයි

මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට සහ රුසියාවට භාර දෙයි

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබ...

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us