subash

subash

ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක් ලබන මස සිට ආරම්භ කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සැලැසුම් කර තිබේ.

මේ වසරේ ගත වු කාලය තුළ මී උණ රෝගීන් 1,800ක පමණ පිරිසක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මැදපෙරදිග පවතින යුද්ධය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට එල්ල වී ඇති බාධා මර්දනය කිරීම සඳහා තෙල් බැරල් මිලියන 400ක් වෙළෙඳපොළට මුදා හැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA)එකඟතාව පළ කර තිබේ.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලත් අද (12 වැනිදා) උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීගමුව හා කටාන යන ප්‍රදේශ සඳහා අද (12) පෙ.ව 8 සිට මධ්‍යම රාත්‍රී‍රී 12 දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.‍

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබේ.

ඌව පළාතේත් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා තිබේ.

විදුලි වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවා තිබේ.

අස්වැසුම පළමු අදියරේ ප්‍රතිලාභීන් වෙත මාර්තු මාසයට අදාළ දීමනාව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් හෙට (12) දිනයේ අදාළ ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබේ.

Connet With Us