ගින්දරත් එක්ක surfing (video)

Published in අනං මනං
Saturday, 25 July 2015 14:49

සර්ෆින් ක්‍රීඩාව කියන්නෙ විනෝදය වගේම බිහිසුණු බවත් රැගෙන එන ක්‍රීඩාවක්. සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් රළ ගෙඩි අතර නොගිලී මුහුදු රළ මතුපිට ගමන් කරනවා.

 මේ අපහසු කාර්ය තවත් දෙගුණ  තෙගුණ වෙනවා ගින්දරත් එකතු උනාම. වෘත්තීය සර්ෆින් ක්‍රීඩකයෙක් වන Jamie O'Brien පසුගියදා අපූරු ආකාරයේ දක්ෂකමක් දැක්වුවා.

ඔහු විශාල රළ ගෙඩියක් හරහා ගමන් කරේ තම සිරුරට ගිනි තබාගෙනයි.

මේ ආකාරයට උඩට විහිදෙන විශාල මුහුදු රළක්  හරහා ගමන් කිරීම 'barreling' නමින් හැඳින් වෙනවා. ඒවගේම Jamie මේ සඳහා වසරක කාලයක් සිට පුහුණුවීම් සිදු කර තිබෙනවා.

එවැනි අවස්ථා ගණනාවකදීම ඔහු පිළිස්සීමට පවා ලක්වී ඇති බව පැවසෙනවා. නමුත් අවසානයේ සර්ෆින් තමන්ගෙ බලාපොරොත්තුව සම්පුර්ණ කරගන්න සමත් වුණා.

Connet With Us