විවාහයේදී මරණය විඳින නව යුවළ

Published in අනං මනං
Monday, 13 July 2015 15:28

විවාහය ඕනෑම කෙනෙක්ගෙ ජීවිතේ වැදගත් සිදුවීමක්. ඒත් සමහරුන්ට නම් විවාහය මරණීය අත්දැකීමක් වෙන්න පුළුවනි.

වැයවෙන වියදම බැලුවම දිහා බැලුවම වෙන කිසිම හේතුවක් නැතත් විවාහය මරණීය අත්දැකීමක් බවට පත්වෙන එකෙත් පුදුමයක් නෑ . සිංගප්පුරුවේ අලුත විවාපත් වූ යුවළක් තමන්ගෙ විවාහ ඡායාරූප සඳහා මිනී පෙට්ටි සහිත පසුබිමක් යොදාගෙන තිබෙනවා.

මේ සඳහා ප්‍රධානම හේතුව වී තිබෙන්නේ මනාලිය සහ මනාලයා සිංගප්පූරුවේ ප්‍රමුඛ පෙළේ මල් ශාලා හිමිකරුවන් වීමයි.

තමන්ගෙ විවාහ ඡායාරූප පිළිබඳ අදහස් දක්වන මනාලිය වන ටේ පවසන්නේ ඔවුන්ගේ රැකියාව ජීවිතයට විශාල බලපෑමක් සිදු කරන නිසා විවාහය වැනි ජීවිතයේ වැදගත් අවස්ථාවක වෘත්තියට  සම්බන්ධ දේ යොදාගත් බවයි.

ඒ විතරක් නොවෙයි මරණය සෑම ජීවියෙකුගේම ජීවිතයේ අනිවාර්ය අංගයක් බැවින් මරණය කෙරෙහි විවෘත ලෙස බැලීමට පෙළඹ වීම මෙහි අරමුණ බව ඇය පවසනවා.

wedding2

wedding3

Last modified on Tuesday, 14 July 2015 13:13

Connet With Us