වීඩියෝ පළ කරන්නන්ට facebook වෙතින් මුදල්

Published in අනං මනං
Friday, 10 July 2015 14:59

‘ෆේස්බුක්’ ආයතනය තම සමාජ මාධ්‍ය ජාලය තුළට එකතු කරන ඇතැම් වීඩියෝ පට සඳහා මුදල් ගෙවීම නියමිත බව පැවසෙනවා.

වීඩියෝ දර්ශන අතරතුර වෙළඳ දැන්වීම් දර්ශනය වන පරිදි සැකසූ යෝජිත වීඩියෝ පට, ෆේස්බුක් පිටුව මත පළ කිරීම එම ආයතනය විසින් ආරම්භ කරනු ලැබ තිබේ.

එලෙස ෆේස්බුක් භාවිත කරන්නන් විසින් නිරන්තරයෙන් දීර්ඝ වෙලාවක් නරඹනු ලබන වීඩියෝ පට තුළ පළ වන වෙළඳ දැන්වීම හරහා ඉහළ ආදායමක් ලැබෙනු ඇති අතර එම ආදායමෙන් සියයට 45ක් ෆේස්බුක් ආයතනයට හිමි වීමට නියමිතයි.

තම සමාජ මාධ්‍ය තුළ වීඩියෝ දර්ශන නැරඹුම් සංඛ්‍යාව දිනකට බිලියන හතරක් වන බව ෆේස්බුක් ආයතනය පවසයි.

ඇමරිකාවේ අයි ෆෝන් පාවිච්චි කරන්නන් සඳහා යෝජිත වීඩියෝ නැරඹීමට සැලැස්වීම අත්හදා බලමින් සිටින බව ෆේස්බුක් ආයතනය පවසයි.

Connet With Us