විසි තුන් අවුරුද්දක් පුරා බොලිවුඩයේ රජකරන සිහින කුමාරයා

Published in අනං මනං
Thursday, 25 June 2015 14:42

බොලිවුඩයේ සිහින කුමාරයා ශාරුක් ඛාන්ට දැන් වයස 50ට කිට්ටුයි. කොයිතරම් වයසට ගියත් ශාරුක් කෙරෙහි තිබෙන ආකර්ෂණය නම් බිඳක්වත් අඩුවෙලා නැති බව ඔහුගේ රඟපෑම් ඇතුලත් චිත්‍රපටිවලට ලැබෙන ජනතා ප්‍රතිචාරවලින් පැහැදිලි වෙනවා.

ශාරුක් තමන්ගෙ වයසින් හරි අඩක්ම බොලිවුඩ් පුරවරය වෙනුවෙන් වැය කරලා. අදට ඔහුගේ සිනමා ජීවිතයට වසර 23ක් සම්පුර්ණ  වෙනවා.

ශාරුක් ඉතා වෙහෙස මහන්සියෙන් තම ජීවිතය වගේම බොලිවුඩ් පුරවරයත් ජයගත් පුද්ගලයෙක් ලෙස ප්‍රසිද්ධයි. ඔහුගේ සිනමා ගමන ඇරඹෙන්නේ අද වැනි දිනක Deewana චිත්‍රපටය ප්‍රදර්ශන වීම ඇරඹීමත් සමඟ.

එතැන් පටන් ඇරඹෙන ඔහුගේ සිනමා ජීවිතයේදී ‘Dilwale Dulhania Le Jayenge’, ‘Dil To Pagal Hai’, ‘Kuch Kuch Hota Hai’, ‘Kabhi Khushi Kabhie Gham’ , ‘Devdas’ වැනි චිත්‍රපටිවල ඉදිරිපත් කළ ප්‍රේමාන්විත රංගනය හේතුවෙන් ඔහු බොලිවුඩයේ සිහින කුමාරයා  ලෙස කිරුළු පළදිනවා.

ඉතා මෑතකදී තිරගත වුනු ‘My Name is Khan’, ‘Chennai Express’ ,‘Happy New Year’ චිත්‍රපටත් ඉතා ජනප්‍රිය උනා.

මේ දිනවල ශාරුක් රූගත කිරීම්වල  යෙදී සිටින Dilwale චිත්‍රපටය  ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. Dilwale චිත්‍රපටයේ රඟපෑම්  සඳහා කාජල්ද සම්බන්ධ සිටිනවා.

sharuk4

sharuk1

sharuk2

sharuk3

 

Connet With Us