බිරින්දෑවරු 100ක් සිටින රජෙක්

Published in අනං මනං
Thursday, 18 June 2015 16:24

අප්‍රිකාව කියන්නෙ අමුතු සංස්කෘතීන් අමුතු සිරිත් විරිත්වලින් පිරුණු මහාද්වීපයක්. විවිධ රටවල්වලට වෙන්ව පැවතුනත් තවමත් විවිධ කුඩා ප්‍රදේශවල කුඩා රාජ්‍ය පිහිටනවා.

මේ රාජ්‍ය පාලනය කරන්නෙ රජවරු විසින්. කැමරූන් රටේ Bafut එවැනි කුඩා රාජ්‍යක්.

මේ රාජ්‍ය පාලනය කරන්නෙ Abumbi II රජතුමා. ඇත්තටම මෙහි විශේෂත්වය එය නෙමේ. මේ රජතුමාට බිරින්දෑවරු 100 දෙනෙකු සිටිනවා.

ඒවගේම දරුවන් 500ක් පමණ සිටිනවා.

මේකට හේතුව වෙලා තියෙනනේ  Bafut රජවරු මියගිය පසු පැමිණෙන අනුප්‍රාප්තිකයා විසින් පෙර රජුගේ බිරින්දෑවරුත් විවාහ කර ගත යුතු වීම. ඒත් එක්කම අලුත් රජතුමාට වෙනත් විවාහයක් කරගන්නත් අවස්ථාව තිබෙනවා.

වයසින් වැඩි බිරින්දෑවරු විසින් අලුත් පැමිණෙන බිරින්දෑවරුන්ට රජු සම්බන්ධ චාරිත්‍ර කියදීමත් සිරිතක්.

මේ විදිහේ තවත් රජවරු කුඩා රාජ්‍යවල  වාසය කරනවා. මෙවැනි හේතු නිසාම බහුභාර්යා විවාහ කැමරුන් දේශය තුල තහනම් කර නැහැ.

africa2

africa3

africa4

africa5

africa6

 

Connet With Us