ජෙනිෆර්ගේ ආදරය අලුත් වෙයි

Published in අනං මනං
Wednesday, 17 June 2015 15:02

ලෝකයේ ජනප්‍රිය ගායිකාවකට උනත් ජීවිතේ ප්‍රශ්නවලින් නම් ගැලවීමක් නෑ. ජනප්‍රිය පොප් ගායිකාවක් වගේම නිළියක්ද වන ජෙනිෆර් ලොපේස්ගේ පෞද්ගලික ජීවිතයෙත් පසුගිය කාලයේ හැලහැප්පීම් රැසකට හසු උනා.

කිහිපවතාවක් ම විවාහ වූ ඇය 2014 දී අන්තිම විවාහ ජීවිතයටත් තිත තැබුවා.

ඉන්පසුව ඇය කැස්පර් ස්මාර්ට් නම් වූ ජනප්‍රිය නර්තන ශිල්පියා සමඟ ප්‍රේමයකට මුල පිරුවා. ටික කාලයක් ගත වෙද්දී දෙදෙනා අතර විරසකයක් මතුවූ බවයි හොලිවුඩයෙන් දැන ගන්නට ලැබුණේ.

ඒත් පසුගිය සතියේ ලැබුණු උණුසුම් පුවතක සටහන් වුණේ ජෙනිෆර් සහ කැස්පර් නැවතත් එක්වී ඇති බවයි.

දෙදෙනා අත්වැල් පටලාගෙන නිදහසේ ඇවිද ගෙන යන ඡායාරූපයක් ද අන්තර්ජාලයට එක්වී තිබුණා. ඇය මේ දිනවල ‘ෂේඩ්ස් ඔෆ්බ්ලූ’ නම්වූ අලුත් ම ටෙලි නාට්‍යයේ රඟපෑම් කටයුතුවල යෙදී සිටිනවා.

jenifer1

jenifer2

jenifer4

jenifer5

Connet With Us