දරු සෙනෙහස විඳින සමරිසි ආදරයක්

Published in අනං මනං
Thursday, 23 April 2015 13:46

අද ලෝකය තුල සමරිසි සම්බන්ධතා සාමාන්‍ය මිනිස් සම්බන්ධයක් ලෙස බොහෝ රටවල් පිළිගනු ලබනවා. බොහෝ රටවල් සමරිසි විවාහයන් වෙනුවෙන් නව නීති පවා සම්මත කොට තිබෙනවා.

මේ පුවතින් කියවෙන්නේ සමරිසි  විවාහයක් පිළිබඳව නොව සමරිසි විවාහයකට එළඹි තරුණියන් දෙදෙනෙක් මව් පදවි ලැබීමක් ගැනයි. ඔවුන් කැරොලිනාවේ ජීවත්වන මෙලනි සහ වෙනීසා නම්  සමරිසි  තරුණියන් දෙදෙනෙක්.  

ඔවුන්ට අනික් පවුලක් වගේම දරු සුරතල් බැලීමේ ආසාවක් පහළ වී තිබෙනවා. ඔවුන් ඩිම්බ තැම්පත් කිරීමේ ක්‍රමවේදය අනුව ගැබ්ගැනීම හරහා දරුවන් බිහි කරලා.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඔවුන් පවසන්නේ “කාන්තා ශරීරය කියන්නේ විශ්මය ජනක දෙයක්. තවත් කෙනෙකුට ජීවය දෙන්න පුළුවන් වීම ඇත්තටම පුදුමාකාර දෙයක්. අපිටත්  ඒ දේ අත්දකින්න අවශ්‍ය වුනා. ඒ නිසා තමයි මම දරුවෙක් බලාපොරොත්තු වුනේ.අපි දෙදෙනාම මව්වරුන් වෙන්න තීරණය කලා."

lesbi1

lesbi2

lesbi3

lesbi5

lesbi6

ක්‍රීඩා

Connet With Us