ජපාන අධිවේගී දුම්රියෙන් ලෝක වාර්තාවක්

Published in අනං මනං
Wednesday, 22 April 2015 11:41

චුම්භක ක්ෂේත්‍රයක් මත ගමන් කරන ජපානයේ අධිවේගී දුම්රියක් පරීක්ෂණ ගමන් වාරයකදී උපරිම වේගයෙන්ම ගමන් ගන්නා දුම්රිය ලෙස තබා තිබූ වාර්තාව අලුත් කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇති බව වාර්තා වෙයි.

එරට ෆූජි ගිනිකන්ද ආසන්නයේදී සිදුවූ මෙම ගමනේදී පැයට කිලෝමීටර් 603ක (පැ.සැතපුම් 374ක) වේගයක් මෙම අධිවේගී දුම්රිය විසින් වාර්තා කර තිබේ.

ජපානයේ මධ්‍යම දුම්රිය දෙපාර්තමේන්තුව සතු මෙම දුම්රිය ටෝකියෝ සහ මධ්‍යම නගෝයා දක්වා ගමන් කිරීම 2027 සිට ඇරඹෙනු ඇති බව කියයි.

කිලෝමීටර් 280ක මෙම දුර ධාවනය වීමට විනාඩි 40ක පමණ කාලයක් ඊට වැයවෙනු ඇති බවත්, එය වර්තමානයේදී වැයවන කාලයෙන් අඩකටත් වඩා අඩු කාලයක් බවත පැවසෙයි.

ක්‍රීඩා

Connet With Us