සනීගේ ජීවිත කතාව ඇතුලත් චිත්‍රපටයක්

Published in අනං මනං
Tuesday, 07 April 2015 14:19

හින්දි සිනමාවේ සරාගීම නිළිය ලෙස සැළකෙන සනී ලියොන්ගේ සහ සැමියා වන ඩැනියෙල් වෙබර්ගේ ජීවිත කතාව ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය වී තිබේ.

මේ චිත්‍රපටය සිනමාවට නගන්නේ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂිකා දීපා මෙහෙතාගේ සොහොයුරා වන දිලීප් මෙහෙතා විසිනි.

මේ පිළිබඳ අදහස් දක්වමින් සනීගේ සැමියා පවසා ඇත්තේ චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් බැවින් මේ වනවිට සංස්කරණ කටයුතු සිදුවන බවයි. චිත්‍රපටය ලබන වසරේ තිරගත වීමට නියමිතයි.

සනී ලියොන් හින්දි සිනමාවට පිවිසීමට ප්‍රථම නිල් චිත්‍රපට සඳහා දායක වූ නිළියක් බව ප්‍රසිද්ධ කාරණයක්. ඉන්දියා ටුඩේ සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමින්  ඇය පවසා ඇත්තේ තමන්ගේ ජීවිතයේ සිදු වූ සෑම සිදුවීමකම  වගකීම තමන් සතු  බවයි.

සනීගේ මුල් නම වන්නේ  කරන්ජිත් කෝර් වොහ්රා යන්නයි. 1981 වසරේ මැයි 13 වැනිදා කැනඩාවේ ඔන්ටාරියෝ නුවරදී ඇය උපත ලබා තිබේ. ඇගේ මවත් පියාත් කැනඩාවේ පදිංචියට ගොස් සිටි සීක් යුවළකි. ‘ජිසම් 2’ ඇගේ පළමු බොලිවුඩ් චිත්‍රපටයයි.

ඇගේ නවතම සිනමා නිර්මාණය Ek Paheli Leela ළඟදීම තිරගත වීමට නියමිතයි.

ක්‍රීඩා

Connet With Us