යුවළවල් දස දහසකගේ විවාහ උත්සවය

Published in අනං මනං
Thursday, 05 March 2015 16:36

පසුගියදා දකුණු කොරියාවේ සෝල් අගනුවරදී යුවළවල් දස දහසක් පමණ එකම දිනයකදී විවාහ පත් උනා. මෙහෙම විශාල ප්‍රමාණයක් එකවර විවාහ වීමට හේතුව උනේ එරට විසූ ආගමික නායකයෙක් වන  සුන්ග් මූන්ට ගරුකිරීමක් ලෙසයි.

මූන්ගේ ඉගැන්වීම අනුව පිවිතුරු ආදරය හරහා යහපත් පවුල් ජීවිතයක් වගේම යහපත් සමාජයකුත් බිහිවෙනවා. පසුගියදා පැවැත් උන විවාහ උත්සවය සඳහා මනාලියන් ලෙස සහ මනාලයන් ලෙස සැරසුණු යුවළවල් 3800ක් පමණ සහභාගී උනා.

මීට අමතරව විවිධ ජාතීන්ට අයත් විවිධ වයස්වලට අයත් දස දහසක පමණ පිරිසක් මේ දිනයේදී එකවර විවාහ උනා.

මේ ආකාරයේ විවාහ උත්සව තුනක් මීට පෙරත් පැවැත්විලා තියෙනවා. ඒ 1961, 1997 සහ 1999 යන වසර වලදියි.

නමුත් මේ වසරේ පැවති විවාහ උත්සවය සඳහා මූන්ට සහභාගී වෙන්න බැරි උනා. ඔහු වසර 92ක් දිවි ගෙවා 2012 වසරේදී මෙලොවින් සමුගත්තා.

wedding1

wedding2

wedding3

wedding4

wedding5

wedding6

wedding7

wedding8

wedding9

wedding10

wedding11

ක්‍රීඩා

Connet With Us