ඉතිහාසගතවූ සිපගැනීම්

Published in අනං මනං
Saturday, 17 January 2015 14:48

සිපගැනීම කියන්නෙ ලෝකයේ තිබෙන ප්‍රේමාන්විතම හැසිරීම කිව්වොත් හරි කියල හිතෙනවා. තවත් විදියකින් කිව්වොත් සිප ගැනීම කියන්නෙ මිනිසෙක් තවත් මිනිසෙක්ට ලබාදෙන ප්‍රේමයක, ආදරයක සංකේතයක්.

මේ සිපගැනීම් අතර ඉතිහාසයට එකතුවූ සිප ගැනීම් කීපයක් ගැන කියන්නයි අපේ මේ සුදානම.

kiss1

kiss11

මෙම සිපගැනීම ඇල්ෆ්‍රඩ් නම් ඡායාරූප ශිල්පියාගේ කැමරාවේ සටහන් වන්නේ ඇමරිකාවේ ටයිම් චතුරශ්‍රයේදීයි. දෙවන ලෝක යුද්ධය අවසන් බව නිවේදනය කිරීමත් සමඟ සතුටට පත් ඇමරිකානු නාවික භටයෙක් හෙදියක් සිප ගන්නා ආකාරය මෙම ඡායාරූපයෙන් දැක්වේ.

kiss2

මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ මැර්ලින් නම් නිළිය දෙවන ලෝක යුද්ධයෙන් පසු සිය රට පැමිණි ඇමරිකානු ගුවන් හමුදා සෙබළෙක් සිප ගන්නා ආකාරයයි. මෙම ඡායාරූපය Homecoming නමින් හැඳින්වේ.

kiss3

මෙය 1896 නිපදවුණු චිත්‍රපටයක සිපගැනීමේ දර්ශනයකි. මෙය ප්‍රසිද්ධියේ සිපගැනීමක් අන්තර්ගත වූ ප්‍රථම චිත්‍රපටිය ලෙස සඳහන් වේ.

kiss4

මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ චාල්ස් කුමරු හා ඩයනා කුමරියගේ විවාහ දිනයේ ඔවුන් මහජනතාව හමුවට පැමිණි මොහොතේ එකීනෙකා සිප ගන්නා ආකාරයයි.

kiss5

2011 වර්ෂයේ ගන්නා ලද මෙම ඡායාරූපය කැනඩාවේ මහජන කැරැල්ලක් අතරතුර ලබාගත් එකකි. මෙය අන්තරජාලය තුල අතිශය ජනප්‍රියත්වයට පත් ඡායාරූපයකි.

kiss6

මෙහි 1950 වර්ෂයේදී ප්‍රංශයේ කලබලකාරී විදියකදී යුවළක් සිපගන්නා ආකාරය දැක්වේ. මෙම ඡායාරූපය විශාල වශයෙන් දැන්වීම් සඳහා හා තැපැල්පත් සඳහා නැවත නැවතත් මුද්‍රණය කෙරී ඇත.

Connet With Us