දීපිකා පදුකෝන්ට 29යි

Published in අනං මනං
Monday, 05 January 2015 13:32

බොලිවුඩයේ සුපිරි තරුවක් වන දීපිකා පදුකෝන්ගේ උපන් දිනය අදයි.

වයස 17දී සිනමාවට පිවිසි ඇය අද 29 වැනි වියට පා තබනවා. 2006දී 'Aishwarya' නම් කාන්නාඩ චිත්‍රපටියට  උප ප්‍රධාන චරිතයක් නිරූපනය කරමින් රිදී තිරයට පිවිසි දීපිකා පදුකෝන් හින්දි සිනමාවට පිවිසියේ Om Shanti Om චිත්‍රපටය හරහායි.

එසේම Om Shanti Om චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන් ඇයට Filmfare සම්මාන උළෙලේ හොඳම නැගී එන නිළියට පිරිනැමෙන සම්මානයද හිමි උනා.

ඇය ඉන්දියානු People නම් සඟරාව මගින් 2012 වසරේදී ඉන්දියාවේ සුරුපීම කාන්තාව ලෙස නම් කෙරුණා.

කෙසේවෙතත් අද ඇය නිව් යෝර්ක් නුවරදී රන්බීර් සින් සමඟ තමන්ගේ උපන්දිනය සැමරූ බවයි වාර්තා වෙන්නෙ.

padukon

 

Last modified on Monday, 05 January 2015 14:14

Connet With Us