iPhone 6 එකකට නංගිව දුන්න අයියෙක්

Published in අනං මනං
Wednesday, 24 September 2014 10:45

සිය නැගණිය විවාහ කර දීම සදහා දෑවැද්ද ලෙස iPhone 6 එකක් ලබාගත් පුද්ගලයෙක් ගැන සෞදි අරාබියෙන් වාර්තා වෙයි.

සෞදි සම්ප්‍රදායට අනුව මනාලයාගේ පාර්ශවයෙන් මනාලියට දෑවැද්ද ලබාදෙන අතර මෙහිදී මනාලියගේ පියාට සහ සහෝදරයාට ද ඇතැම් තෑගි ලබාදිය යුතු වෙයි.මෙම තෑගි ඉල්ලා සිටීමේ අයිතිය තරුණියකගේ පියාට සහ සොහොයුරාට හිමිව තිබේ.

මෙම අයිතිය තහවුරු කරමින් එක්තරා පුදාගලයෙක් සිය නැගණිය විවාහ කර ගැනීමට පැමිණි පුද්ගලයාගෙන් iPhone 6 එකක් ඉල්ලා ඇති අතර ඔහුගේ පියා ඉල්ලා ඇත්තේ මුදල් බව විදෙස් වාර්තා කියයි.

පසුව මෙම පුද්ගලයා iPhone 6 එකක් ලබාදීමට මේ වනවිට එකග වී ඇති අතර නුදුරේදීම මෙම තරුණියගේ විවාහ උත්සවය පැවැත්වීමට නියමිත බව ද සෞදි වාර්තා කියයි.

(lfn.lk)

Connet With Us