ලොව වයස්ගතම කිරුළ නැවතත් කාන්තාවන්ට

Published in අනං මනං
Tuesday, 07 July 2015 13:13

මේ වසරේ අප්‍රේල් මාසයේ ලෝකයේ වයස්ගතම පුදගලයා වගේම ලෝකයේ වයස්ගතම කාන්තාව ලෙස සැළකුණු ජපන් ජාතික මිසාඕ ඔකාවා වයස අවුරුදු 117ක් ආයු වළඳා මිය ගියා. ඇගෙන් පසු එම ස්ථානයට පත්ව සිටින්නේ ඇමරිකාවේ සුසන්නා මුශාට් නම් වයස අවුරුදු 116ක කාන්තවකටයි. 

සුසන්නා මුශාට් ඊයේ(06) සිය 116 වෙනි උපන්දිනය නිව් යෝර්ක් නුවරදී සමරනු ලැබුවා.  සුසන්නා තමන්ගේ දිගුකල් ජීවත්වීමේ රහස ලෙස පවසා ඇත්තේ හොඳ නින්දක් ලැබීමයි.

මේ අතර ලෝකයේ වයස්ගතම පිරිමියා ලෙස ගිනස් වාර්තා පොතට එක්වී සිටි සකාරී මොමොයි මිය ගොස් තිබෙනවා. පසුගිය ඉරිදා වකුගඩු අබාධයකින් සකාරී මිය යනවිට  වයස අවුරුදු 112 ක් සම්පුරණ කර තිබුණි.

සකාරි මොමොයිගුරුවරයෙක් වන අතර පසුගිය වසරේ අගෝස්තු මාසයේ ඔහුට ගිනස් ලෝක වාර්තා සහතිකය පිළිගන්වන විට ඔහුට තව වසර දෙකක් ජීවත්වීමට අවශ්‍ය බව පවසා තිබුණි. තවමත් ගිනස් ලෝක වාර්තා කමිටුව ලෝකයේ වයස්ගතම පිරිමි පුද්ගලයා කවුරුන්දැයි ප්‍රකාශ කර නැහැ.

බොහෝවිට එම වාර්තාවට ජපානයේම මොමොයිට මාසයකට පසු උපන් යසුතරෝ කොයිදේ නම් පුද්ගලයාට හිමිවෙනු ඇත.

ලොව වැඩිපුරම කාලයක් ජීවත් වූ මිනිසා ලෙස වාර්තා වී ඇත්තේ ප්‍රංශයේ ජීන් කැල්මන්ට්. ඇය වයස අවුරුදු 122කුත් දින 164ක් ජීවත් වී 1997 දී මිය ගොස් තිබෙනවා.

momoi1

 

Last modified on Tuesday, 07 July 2015 13:28

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us