තවදුරත් phone එක charge කරන්න අවශ්‍ය නෑ(video)

Published in අනං මනං
Tuesday, 07 July 2015 11:43

ලෝකයේ ජීවත්වෙන ජනගහනයට වඩා වැඩි ප්‍රමාණයක් ජංගම දුරකථන ඇති බව අනාවරණය වී අවසන්. ඒවගේම අපිට ජංගම දුරකථනය නැතිවම බැරි අංගයක් බවට පත්වෙලා.

මේ නිසාම ජංගම දුරකථන බැටරිය ඉක්මණින් බැස යාම අපි බොහෝදෙනෙක් මුහුණ දෙන බරපතලම ගැටළුවක් බවට පත්වෙලා. ඒ සඳහා විසඳුම් විවිධ තාක්ෂණික ක්‍රම හඳුන්වාදීමට ලෝකය හැමවිටම උත්සහ ගනිමින් සිටිනවා.

මින් එක් ක්‍රමයක් වන්නේ රේඩියෝ තරංග හරහා බැටරියක් චාර්ජ් කළහැකි ක්‍රමයයි. Energous සහ Nikola Labs කියන ආයතන දෙකක එකතුවෙන් තමයි මේ විශේෂ උපකරණය නිර්මාණය වෙන්නෙ.

මෙම නව තාක්ෂණයට අනුව ජංගම දුරකථනයේ පිටුපස සවිකර තිබෙන කුඩා ඇන්ටනාවක් වැනි උපකරණයක් හරහා රේඩියෝ තරංග ලබාගෙන එය විදුලිය බවට පරිවර්තනය කරනු ලබනවා.

දැනටමත් ලෝකයට වයර් රහිත දුරකථන චාර්ජ් කිරීමේ උපකරණ හඳුන්වා දී අවසානයි.එම තාක්ෂණයට අනුව ඔබට විදුලි පරිපථයක සිට අඩි 20ක පමණ දුරකදී ඔබේ දුරකථනය චාර්ජ් කර ගැනීමේ හැකියාව පවතිනවා.

මීට අමතරව ශරීරිය සෙලවිමේදී ජංගම දුරකථන බැටරිය චාර්ජ් කළ හැකි ක්‍රමයක්ද හඳුන්වා දී තිබෙනවා. ඒවගේම වයි ෆයි රවුටරයක් හරහා බැටරි චාර්ජ් කළ හැකි ක්‍රමයක්ද මීට ඇතුලත්.

නමුත් රේඩියෝ තරංග හරහා ජංගම දුරකථන චාර්ජ් කිරීමේ තාක්ෂණය මීට වඩා පහසු ක්‍රමයක් වෙනු ඇති බව පැවසේ.

ඒ කියන්නෙ අනාගතයේදී ඔබගේ සාක්කුව තුලදී හෝ බෑගය තුලදී උනත් දුරකථනය ඉබේම චාර්ජ් වෙනවා. කෙටියෙන් කිව්වොත් ඔබට බැටරිය බැසයාම හෝ චාර්ජ් කිරීම ගැන කිසිම දෙයක් හිතන්න අවශ්‍ය නෑ.

Gossip

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

Connet With Us