1986 දයා පතිරණ මරලා ගල්කටස් විප්ලවය පටන්ගත්ත ජවිපෙ 2024 තඹුත්තේගම විප්ලවය පටන් අරගෙන
1986 දෙසැම්බර් 15 දින කොළඹ විශ්වවිද්‍යාලයේ දයා පතිරණ මරලා ගල්කටස් විප්ලවය ආරම්භ කරපු ජවිපෙ, ජයවර්ධනපුර කලා පිඨයේ පෙරටුගාමීන්ගේ ඔළු පලලා 2024 තඹුත්තේගම විප්ලවය ආරම්භ කර ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න පැවසුවාය.
ශිෂ්‍යත්වයට බාධා වන අයුරින් හෙට දිනයේ මැතිවරණ ප්රචාරක කටයුතු කරන්න බැහැ
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට බාධා වන අයුරින් හෙට දිනයේ මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්රචාරක කටයුතු සඳහා ළමයින් යොදාගැනීම ගැන විමර්ශන අරඹයි
ජනාධිපතිවරණයට අදාළව විවිධ දේශපාලන පක්ෂ, තම දේශපාලන ප්රචාරක කටයුතු සඳහා ළමයින් සහභාගි කරගැනීම පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
අද (14) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එළැඹෙන අය වැය යෝජනා ඔස්සේ උපයන විට ගෙවන බදු අඩුකිරීමේ යෝජනාව ඇතුළත් කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට වාහන ආනයන තහනම/සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ලබා ගත් දුෂ්කර ජයග්‍රහණය ආරක්ෂා කරගැනීම ජනතාවගේ තීරණයක් - IMF
ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලය ඊයේ අවධාරණය කළේ ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් ලබා ඇතත් රට තවමත් අවදානමෙන් මිදී නොමැති බවත්, එම දුෂ්කර ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත් බවත්ය.
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.