ශ්‍රී ලංකා යුද හමුදාවේ මුළු පිරිස් බලය 143,000 දක්වා අඩු වෙලා
ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියේ, යුද්ධය අවසන් වන විට දළ වශයෙන් 230,000 ක් වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ මුළු ශක්තිය මේ වන විට 143,000 දක්වා අඩු වී ඇති බවය.
විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ තවදුරටත් ඉහළ යයි.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ඩොලර් මිලියන 555.6 ක් දක්වා සියයට 15.2 කින් ඉහළ ගොස් ඇත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව යළි විවෘතයි
කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව අඩුවීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව අද (12) උදෑසන 7.00ට නැවත ගමනාගමන කටයුතු සඳහා විවෘත කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 225 දෙනකු තෝරා පත් කර ගැනීම සඳහා නොවැම්බර් 14 වැනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂකයෝ 10,000කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත්ව සිටිති.
නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවරයින්ට දැනුම්දෙයි
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70ත් දක්වා වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සුප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු මෙන් ම යූ ටියුබ් ඔස්සේ ප්‍රසිද්ධියට පත් අශේන් සේනාරත්න විසින් තමන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබුණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂකයින් මෙන්න
මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් පහතින් දැක්වෙයි.