දයාසිරි, බයිනෑන්ස් ගිණුම ගැන ඇසු ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තු මැතිසබය උණුසුම් වෙයි
වසන්ත සමරසිංහ අමාත්‍යවරයා විසින් ලබා ගෙන තිබෙන ක්‍රිප්ටෝ මුදල් 3000 සහ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සතුව බයිනෑන්ස් ගිණුමේ USDT 1850 ලබා ගත්තේ කෙසේද යන්න පිළිබඳව මෙම පාර්ලිමේන්තුවට හෙළිදරව් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද(24) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් විමසුවා.
සෞඛ්‍ය තත්ත්වය මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදෙස්ගත වීමේ සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
විජිත හේරත් අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් හමුවෙයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සදහා ජනාධිපතිවරයා සමග අමෙරිකාවට ගොස් සිටින විදේශ අමාත්‍ය විජිත හේරත් සහ අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇලිසර් හූකර් අතර හමුවක් ඊයේ සිදු වුණා.
විදුලිය අත්‍යවශ්‍ය සේවාවන් කළ ගැසට්ටුව අද පාර්ලිමේන්තුවට
ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි අද (24) මධ්‍යම රාත්‍රී දක්වා ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසයි.
හෙද පත්වීම් ලබාදීම ලබන මාසයේ - පත්වීම් ලබන සියල්ලන් උතුරු නැඟෙනහිර රෝහල් වලට
හෙද නිලධාරීන්ට පත්වීම් ලබාදීම ඔක්තෝබර් මාසයේ සිදු කරන අතර පත්වීම් ලබන සියලුදෙනා උතුරු නැඟෙනහිර රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල සේවාවට අනුයුක්ත කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද(23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මේ වසරේ සෘජු විදේශ ආයෝජන ඩො.මි. 783 යි. සිනොපෙක් පිරිපහදුව තවම වැට උඩ
ශ්‍රී ලංකාවට පැමිණි දැවැන්තම විදේශ ආයෝජන යෝජනාව වන, ඩොලර් බිලියන 3.5 ක් පමණ වන හම්බන්තොට සිනොපෙක් ඛනිජ තෙල් පිරිපහදුව පිළිබඳ යෝජනාව මේ වන විට ඇණ හිට ඇති බව වාර්තා වේ.
තනි පරිගණක යෙදවුමක් ඔස්සේ මහජනතාවට රජයේ සේවාවන් ලබාගැනීමට හැකි වන පරිදි 'රජයේ සුපර්ඇප්' යෙදවුමක් (Government Superapp) නිර්මාණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිරදඬුවම් නියම කර තිබේ.

