මේ වනවිට වෙළඳපළේ කැරට් මිල විශාල වශයෙන් ඉහල යාම හේතුවෙන් බොහෝ පාරිභෝගිකයින් අසීරුතාවයන්ට පත්ව තිබේ.
නිදහස් දින සමරු උළෙල විදුලි ආලෝකයෙන් අලංකරණය කිරීමට චක්ර ලේඛයක්
76 වන නිදහස් දින සමරු උළෙල විශේෂ අවස්ථාවක් සේ සලකා රාජ්ය ආයතන ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කිරීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ.
ඉකුත් මහ වැසි සමයෙන් පසු වසා දමා තිබූ කන්තලේ ජලාශයේ වාන් දොරටු නැවත විවෘත කිරීමට සිදු වූ බව වාර්තා වෙයි.
කොළඹ මහනගර සභා සීමාව තුළ පවතින අනතුරුදායක මහල් නිවාස 6ක් සහ ගොඩනැගිලි කිහිපයක් හඳුනාගෙන ඇති බව කොළඹ මහ නගර සභාව අවධාරණය කරයි.
ගත වූ පැය 24 තුළ සැකකරුවන් 963 ක් යුක්තියෙන් අල්ලයි
දිවයින පුරා ක්රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ අද (19) අලුයම අවසන් වූ ගතවු පැය 24 තුළ සැකකරුවන් 963 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මාතලේ මහ නගර සභාව මගින් පාලනය වන ආදාහනාගාරයේ මළ සිරුරු ආදානය කිරීම සඳහා එක් සිරුරකින් රුපියල් 5000 වැඩිපුර මුදලක් සටහන් කර රුපියල් 5,50,000 මුදලක් වංචා කළ මාතලේ මහ නගර සභාවේ සරප් නිලධාරිනිය මෙම මස (30) වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතලේ දිසා මහේස්ත්රාත් අර්. පී. කේ. එන්. එන් කොත්ගේ නියෝග කළාය.
ඡන්ද හිමි නාමලේඛනය අනුව සෑම ගෘහයකම සිටින සාමාජිකයන්ගේ විස්තර පොලිසිය වෙත ලබාගැනීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පැවැසීය.
මාර්ග නීති කඩකරන රියැදුරන්ට වැඩ වරදී - සෝදිසි මෙහෙයුම් CCTV ඔස්සේ
කොළඹ නගරයේ ස්ථාපනය කර ඇති සී.සී.ටී.වී කැමරා පද්ධතිය උපයෝගි කර ගෙන මාර්ග නීති කඩකරන රියැදුරන් හඳුනා ගැනීමේ වැඩසටහන මෙම 22 වැනිදා සිට ආරම්භ කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.