'..සමීක්ෂණ කුමක් වුවත් පැහැදිලිව පෙනෙන දෙය නම් වත්මන් ආණ්ඩුව කෙරෙහි කැමැත්තක් සමාජය තුළ වේගයෙන් වර්ධනය වෙමින් ඇති බවය.
මස් රාත්තලම ඉල්ලු ෂයිලොක්ලාට, රනිල්ගෙන් කට්ටක්වත් නොලැබිණි
විරෝධතා නොතකා 21 කැබිනට් මණ්ඩලයට. බැසිල්වාදීන්ගේ විරෝධය පළ දරයි.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ සංශෝධන පනත් කෙටුම් පත අද දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කරනු ලැබීය. අද දින මෙම කෙටුම් පත ඉදිරිපත් කිරීම වැලැක්වීම සඳහා පොදුජන පෙරමුණු කණ්ඩායම ජනාධිපතිවරයාට බලපෑම් කර තිබු බව ඊයේ වාර්ථා විය. එසේම එය ඉදිරිපත් කළහොත් අනුමත නොකරන ලෙසටද ජනාධිපතිවරයාට බලපෑම් කර තිබුණු බවත් වාර්තා විය.
විවිධ ව්‍යාපෘති වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය ආයතන විසින් මෙරටට ලබා දුන් ඩොලර් බිලියන දෙකක පමණ මුදලක් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමකින් තොරව පවතින බවත් එම මුදල් පීඩාවට පත්වට පත්ව සිටින ජනතාවගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනීමේ හැකියාව ගැන සොයා බැලිය යුතු බව පාඨලී චම්පික රණවක පවසයි
දඩයම කර තියන් යන පුද්ගලයාද?
දුමින්දට, ම්ර්වින්ට , සජින්ට නාම යොජනා නොදෙන්නෙඇයි? - ගාමිනි වියන්ගොඩ(video)
එජනිසය දුමින්දට, ම්ර්වින්ට , සජින්ට නාම යොජනා ලබා නොදෙන්නේ ඇයි යනුවෙන් ගාමිණී වියන්ගොඩ මහතා ප්‍රශ්න කර සිටී. සමාජය හදුනාගත් දූෂිතයන් වන්නේ මේ අය පමණක් නොවන නිසා මෙන්ම මෙම පිරිස දූෂණ වංචා සිදු කරනු ලැබුවේ එකල සිටි පාලකයාගේ ආශිර්වාදය ඇතිව නිසා මොවුන්ට නාමයෝජනා නොදෙන්නේ මන්දැයි ගැටලුවක් බව පැවසීය.