දුම්රියට යට නොවූ සෙනෙහස (video)

Published in අනං මනං
Wednesday, 08 July 2015 13:35

තමන්ගෙම සීයලා අතින් මිණිබිරියන් අතවරයට ලක්වෙන රටක සහ ලෝකයක අපි ජීවත්වෙන්නෙ. තමන්ගෙම ලෙයින් හැදුන වැදුන දරුවෙක් ගැන හිතන්න මනුස්සකමක් නැති ලෝකයක අනුන්ගෙ දරුවෙක් හරි වෙනත් මනුස්සයෙක් ගැන හරි කතා කරන්න දෙයක් නෑ.

ඇත්තටම අපිව  අපිටම අමතක වෙන්න මිනිස්  සබඳතා පිළිබඳ හැගීමක් නැතිවෙන්න බලපාන බොහෝ හේතු කාරණා තියෙනවා. ඒත් පවතින තත්ත්වයට අභියෝග කරමින් ලෝකයට අලුත් ආදර්ශ  සපයන මිනිස්සු තාමත් ලෝකයේ ජීවත්වෙන බව අමතක කරන්න එපා.  

තමන්ගෙ මිණිබිරිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය අනතුරේ දාපු සීයා කෙනෙක් ගැන වාර්තා වෙන්නෙ ඕස්ට්‍රේලියාවෙන්. මේ සීයා තමන්ගෙ මිණිබිරිය සහ තවත් කාන්තාවන් කිහිප දෙනෙක් සමඟ සිඩ්නි නුවර දුම්රිය ස්ථානයකට එනවා.

එතැනදී තමන්ගෙ  මිණිබිරිය රඳවාගෙන ආපු කරත්තය නවතා දුම්රිය ප්‍රවේශ පත්‍ර ගැනීමට උත්සහ කරනවා. ඒත් මේ සීයා දැනගෙන ඉඳලා නෑ දුම්රිය වේදිකාව තරමක් ඇලව සිටින්න නිර්මාණය කරපු එකක් බව.

දරුවා පිළිබඳ අවධානය ගිලිහෙන පළමු මොහොතේදීම දරුවා රඳවා සිටි කරත්තය ලිස්සා ගොස් දුම්රිය මාර්ගයට වැටෙනවා. තමන් අතින් සිද්ධ වූ වරද වටහාගන්න දරුවාගේ සීයා කිසිවක් නොහිතාම දුම්රිය මාර්ගයට පැන දරුවා බේරාගන්නවා.

ඒත් මේ සීයට දුම්රිය වේදිකාවට නගින එක ඉතා අපහසු වැඩක්. නමුත් තව මොහොතයි දුම්රියක් පැමිණීමට තිබෙන්නෙ. මේ සීයා දුම්රිය මාර්ගයේ ඉදිරියට දිව යනවා.

අවසානයේ දරුවගෙ වගේම මේ නිර්භීත සීයාගෙත් ජීවිත බේරෙනවා.

මේක බොහොම කුඩා සිදුවීමක් වෙන්නත් පුළුවන්. ඒත් ලෝකයට අවශ්‍ය නිර්භීත වගේම මිනිස් ජීවිතයක වටිනාකම තේරුම් ගන්න මිනිස්සු.

 

Last modified on Wednesday, 08 July 2015 15:06

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us