නිතර නිතර ගංවතුරෙන් යටවන තම නිවස අඩි හතර හමාරක් ඉහලට එසවීමට ඔහු සමත්විය. පසුගිය ජනවාරියේ සිදුවූ ගංවතුරෙන් මේ ප්රදේශය ජලයෙන් යටවීමත් සමග ඔහුගේ අසල්වැසියෝ නිවෙස් හැර දමා වෙනත් ස්ථානවල පදිංචි වූහ. දුරකථන උපදේශකවරයකු වූ ලව්රි එසේ පලා ගියේ නැත. පරිගණක ගතකරන ලද ඔසවන (ජැක්) ආධාරයෙන් ඔහු නිවස එසවීමට කටයුතු කළේය.
ලව්රි පැවසුවේ තම නිවස ටොන් 80ක් බර බවයි. ඔසවන 28ක් උපයෝගී කරගනිමින් පැයකට අඟල් තුන බැගින් නිවස එසවීමට පවුම් 70,000ක් (රුපියල් කෝටි එකහමාරක්) වැය වූ බව ඔහු කියයි.
නිවස එසවීමෙන් පසු යට ඉතිරි වූ හිස් අවකාශය සිමෙන්ති ගල් යොදා වසා දමා ඇත. දැන් එය නව නිවසක් සේ පෙනෙයි. ගංවතුරෙන් හානිවන බැවින් පවුම් මිලියනයක් (රුපියල් කෝටි 21ක්) පමණ වටිනාකමක් සහිතව තිබූ මේ නිවසේ දැන් වටිනාකම පවුම් මිලියන 1.5 ක් (රුපියල් කෝටි 31.5) දක්වා ඉහළ ගොස් ඇත.