උමා ඔය: මොන්ටිසෝරි පැහැදිලි කිරීම Featured

Published in පුවත්
Monday, 19 June 2017 19:04

(Don Supzගේ ෆේස්බුක් සටහනකි.)


රායිට්... උමා ඔය ජාතකය දිගහරින්න කියලා ඉල්ලීම් ආපු නිසා නැවත ඇක්ටිවේට් කරලා සරල සිංහලෙන් දානවා.. සවන් ඇත්තො සවන් දෙත්වා...

උමා ඔය බහුකාර්ය ව්‍යාප්තිය කියන්නෙ ආරම්භක අවස්ථාවෙ පටන්ම දැඩි විරෝධය මධ්‍යයේ ගෙන ගිය ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියෙ මූලිකම අංගය තමයි ජලය ගෙනයාමට තනන උමඟ. මේ ව්‍යාප්තිය බාරව ක්‍රියාකරන්නෙ ඉරාන සමාගමක්. භුගත ඉදිකිරීමක් නිසා මෙහි පලමුව සිදුකල යුතු කාර්ය වෙලා තිබුනෙ ඒ කලාපය 3D seismic study එහෙකට ලක්කිරිම. සරලවම කිව්වොත් ඒ අදාල කලාපය ත්‍රිමාන පරාසයකින් අධ්‍යනය කිරීම.

යල් පැන ගිය, අබලන් තාක්ෂණයත් එක්ක මෙහෙ ආපු ඉරානයට මෙය සිදුකිරීමේ උවමනාවක් තිබ්බෙ නෑ. ඒ කාලෙ හිටපු ආණ්ඩුවට කොහොමත්ම උවමනාවක් තිබ්බෙ නෑ. මේ අධ්‍යනය කළා නම් අභ්‍යන්තර ජල වහන පද්ධතියෙ හැසිරීම වගේම බලපෑම් කෙසේද යන්නට දැඩි අවබෝධයක් ලබා ගන්නට හැකියාවක් තිබුනා..

ඊලඟට EIA වාර්තාව මේ ව්‍යාපෘතියට ලැබෙන්නත් කලින් ඉරාන ලොක්කා අහමඩ් නිජාඩ් ලංකාව⁣ට ආවා, ඒ ආපු පාර සියළු වාර්තා පසෙකළා අපේ හිටපු කෙ⁣නා මේක හෙණ තොයිලයක් නටලා,රඟලා ආරම්භ කළා.

ආරම්භක අවස්ථාවේදිම අවට කලාපයෙ ළිං ,උල්පත් හිඳෙන්න ගත්තම පරිසරවේදින් මෙන්ම ප්‍රාදේශිය දේශපාලඥයන්ගෙ විරෝධය නොතකා ප්‍රති උත්තර ලැබුණේ "කොහොමත් ඔය කාලෙට ඕවා හිඳෙනවා" කියලා..

වාර්තා සැකසීමේදි බලපෑම් එවකට පරිසරවේදින් පෙන්වලා දුන්නත් ජනතාව රවට්ටගෙන ජනතාවට කියලම කියවගත්තා "අපිට ප්‍රශ්නයක් නෑ, කොළඹින් ආපු මහත්තුරු තමා අපට කිව්වෙ මේහෙම වෙනව කියන්න කියලා"

හරි, දැන් ගැටලුවට එමු..

ඔය උමඟ හදන යන්ත්‍රය අති සරලවම කරන්නෙ හාරගෙන යන ගමන් හාරන ටිකට කොන්ක්‍රීට් කවර් එකක් දාගෙන යන එක. මම අතින් ඇඳලා දාපු පලවෙනි පින්තූරේ බලන්න.. පේනවා ඇති ටනල් එක⁣ට උඩින්ම පිහිටි භූමියෙ ජල උල්පත්, ලිං, පොකුණු, නිවාස, වනාන්තර පිහිටන බව.

ඒ අපට පියවි ඇසින් පේන දේවල්.. මේ භූ ස්ථරයට යටින් පිහිටනවා භුගත ජල මාර්ග සහ පොකුණු. මේකට කියනවා shallow water aquifer කියලා, වඩා සරලව කිව්වොත් underground water traps. මේ භූ ස්ථරයෙ භූ විෂමතාව, පස් තට්ටුවෙ ස්වභාවය මත ජලය දරා සිටීමේ හැකියාවක් පවතිනවා.. වියලි කාලයෙදි ලිංවලට වතුර එන්නෙ, පොකුණු අඩියෙ වතුර රඳන්නෙ භෞතික විද්‍යාවෙ සරලම නියමයන් මත හැසිරෙන මේ ජල රැඳවුම නිසා.

දැන් අපිට වඩා හුඟක් ඥාණවන්ත, බුද්ධියෙන් මෝරපු ඉංජිනේරු මහත්වරු ඇතුලු දේශපාලඥ ප්‍රජාව මෙතනදි කරේ අර භූ ස්ථර සියල්ලටම පහලින් උමඟ පටන් ගැනීම.

මෙතන තිබෙන අනතුරුදායක බව මන් හිතන්නෙ ගුරුත්වය ගැන සරල අවබෝධයක් තියෙනවා නම් වැටහෙන්න ඕන. උඩින් තියෙන්නෙ බොහොම සියුම්, ස්වාභාවික ස්ථරයක් මත ඇති වෙච්ච ජල රැඳවුමක්.. මේකට යටින් ගුලක් හාරන් යනවා.. වැරදිලාවත් උඩ රැඳවුම සිදුරු වුනොත්, කම්පනය වුනොත් බැලුමක් පිපුරුවා වගේ අර ජලය පහලට බහිනවා...

දැන් සිද්ධිය "වුනොත්" නෙවෙයි "වෙලා".... අර මුලින් පැහැදිලි කරපු කොන්ක්‍රීට් ලෙයර් එක ක්‍රැක් වෙලා ඒ හරහා aquifer එක breach වෙලා..

දැන් මොකද වෙන්නෙ?

වෙන්නෙ සියළු අසංතතික ලෙස සබැඳි භුගත ජල රැඳවුම ගුරුත්වයට හිස නමමින් පල්ලන් බහිනවා. එතකොට උඩ තියෙන වෙල්, ලිං, පොකුණු සේරම හිඳෙනවා...

උඩ පස්තට්ටුවල ජල සාරය නැති වෙලා වියලෙද්දි එවා එකට බැඳ තබාගන්න ගුණය නැති වෙලා මතුපිටින් ක්‍රැක් වෙනවා, ඒ නිසයි ගෙවල් පුපුරන්නෙ. ගෙවල් පුපුරලා ඇති ප්‍රමාණය 4000+ දැනට, මධ්‍යම කඳුකරයෙ බටහිර බෑවුමම මෙහි අවදානමට ලක්වෙලා හමාරයි මෙහෙ දැන් වගාකරන්න බෑ, ගම් කිහිපයක් රිලොකේට් කරන්න වෙලා තියෙනවා කියලා ආරංචි.

එතකොට විසඳුම් මොනාද?

විසඳුම් නෑ, ගත්ත බෙරේ ගහගනින්. උමඟ පුරවලා සල්ලි යට කරන්නෙ නෑ ⁣ආයෙ, ඒක තවත් අපරාධයක්. ක්‍රැක් එක හදලා, ඔය ලඟපාත ඉන්න එවුන් ගම් පිටින් ගෙනිහින් වෙන කොහෙ හරි දාන්න උන් ගැන කැක්කුමක් තියෙනවා නම්...

ආයෙ නාය ගිහින් යටවුන එවුන් හමුදාවෙන් හොයද්දි හාල්, පොල්, පරිප්පු උස්සන් එන්න කලින් ලියලා තිබ්බා ඕන එකෙක්ට කියවගන්න.....

P.s - තාම උමඟේ වැඩ වලින් 50% වත් ඉවර නෑ.

- Don Supz

uma oya 1uma oya 2uma oya 3

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us