ශ්‍රිලංකන් එයාර් ඩොලර් මිලියන 10 අක්‍රමිකතාවයට රත්වත්තෙලා වගකිව යුතුයි

Published in පුවත්
Sunday, 22 January 2017 09:36

වත්මන් ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුව ඇතැයි කියන ඇමරිකානු ඩොලර් මිලියන 10 කට ආසන්න මුල්‍ය අක්‍රමතාවේ වගකීම අග්‍රාමාත්‍ය උපදේශක චරිත රත්වත්තේ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන සුරේන් රත්වත්තේ වගකිවයුතු බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සදහන් කරයි.

චරිත රත්වත්තේ විසින් අමාත්‍යාංශය නොතකා හැර ලබාදුන් උපදෙස් මත ක්‍රියාකිරීම හෙතුවෙන් මෙම මුල්‍ය අක්‍රමිකතාව සිදුව ඇති බවත් ඒ සම්බන්ධව අමාත්‍යාංශයේ ලේකම්වරයා අදාල සිදුවීම සම්බන්ධයෙන් සිදුකල කරුනු විමසීමේදී ඊට කරුනු දැක්වීම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහල කලමණාකාරීත්වය ප්‍රතික්ශේප කර ඇති බවද දැන ගන්නට ඇත.

අදාල ගනුදෙනු සිදුව තිබෙන්නේ චරිත රත්වත්තේ විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙත ලබාදුන් සෘජු උපදෙස් මත බවට මේ වන විට ලිඛිත සාක්ශි අනාවරණය වී ඇති බවත්, පසුගියදා ඒකාබද්ධ විපක්ශය විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චොදනා විමර්ශන කොමිසම වෙත සිදුකල පැමිනිල්ල සදහා ද එම සාක්ශි ඉදිපත් කර ඇති බවද වාර්තා වෙයි.

මේබව සනාථ කරමින් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විෂය භාර අමාත්‍යවරයා වූ කබීර් හෂීම් ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාෆියාවක් ඇති බව පිලිගෙන තිබිණ.

මේ අතර ආණ්ඩුවේ මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලදී සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ජේෂ්ඨ උපදේශක ආර්. පාස්කරලිංගම් සහ චරිත රත්වත්තේ යන තිදෙනා විෂය භාර අමාත්‍යාංශ නොතකා හැර ගෙන ඇති තීන්දු තීරන හේතුවෙන් එම විෂය භාර අමාත්‍යවරුන් හට විවිධ දූෂණ චෝදනා එල්ලවී ඇති බවත් ඊට එරෙහිව ආණ්ඩුවේ අමාත්‍යවරුන් අතර බලවත් විරෝධයක් ගොඩනැගී ඇති බවද වාර්තා වෙයි.

එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරන ආකාරයට පසුගියදා ජනාධිපතිවරයාගේ නියමයෙන් තාවකාලිකව ඉදිකිරීම් අත් හිටුවනු ලැබූ හොරණ ටයර් කර්මාන්ත ශාලාව වෙත ලබාදුන් බදු සහන සහ ඒ තුල සිදු වූ අතයට ගනුදෙනුව පිටුපස මේ තුන්කට්ටුවේ මැදිහත්වීමක් ඇති බවද දැනගන්නට ඇත.

srilankan air

Last modified on Sunday, 22 January 2017 09:42

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us