රවීට මෙච්චර සල්ලි කොහෙන්ද? අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Published in පුවත්
Tuesday, 03 January 2017 14:17

යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ වත්කම් සම්බන්ධව බරපතල සැකයක් මතුව ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා අද (03) සිවිල් සංවිධාන හතරක් අල්ලස් හෝ දුෂණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම පැමිණිල්ල සඳහා මුදල් අමාත්‍යවරයාගේ වත්කම් සහ ගනුදෙනු පිළිබඳ මාධ්‍ය හරහා අනාවරණය වූ තොරතුරු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, සුනිල් හඳුන්නෙත්ති විසින් පසුගිය අයවැය විවාදයේදී මුදල් අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයේදී සභාගත කළ කාරනා පදනම් කරගෙන ඇත.

අදාළ පැමිණිල්ල සිදුකර ඇත්තේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය, ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනය සහ මහජන අයිතීන් සුරැකීමේ පදනම විසින්ය.

මුදල් අමාත්‍යවරයාගේ වත්කම් සම්බන්ධව සිදුකල පැමිණිල්ල පිළිබඳ අප කළ විමසුමකදී පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ සඳහන් කර සිටියේ, දිගින් දිගටම මුදල් අමාත්‍යවරයාට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධව යහපාලන ආණ්ඩුව මුනිවත රකිමින් සිටින බවත් රාජපක්ෂ සමයේ සිදුවූ දුෂණ සහ වංචා යලිත් සිදු නොවන බවට සපථ කර බලයට පැමිණි පාර්ශ්ව ජනතාව රවටනවා නම් සිවිල් සමාජ සංවිධාන ලෙස ජනතාව වෙනුවෙන් යුක්තිය ඉල්ලීමට තමන්ට සිදුව ඇති බවත්ය.

එසේම තමන් සම්බන්ධව එල්ල වන චෝදනා වලට පිළිතුරු දීම වෙනුවට මුදල් අමාත්‍යවරයා ඔහුගේ වත්කම් ප්‍රශ්න කරන පාර්ශ්ව වෙත තර්ජන එල්ල කරමින් සිටින බවත් යහපාලනය කියන වචනයට පවා ඒ හැසිරීම නිගාවක් වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධව වැඩිදුරටත් කරුණු සඳහන් කරමින් සභාපතිවරයා සඳහන් කර සිටියේ රාජපක්ෂවරුන් බලයෙන් ඉවත් කර වසර 2ක් ඉක්මයන මේ අවස්ථාවේ තමන් කොතරම් යහපාලනය වෙනුවෙන් පෙනී සිටිනවාද යන්න ඔප්පු කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධව ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුව දැකගත හැකිවනු ඇති බවය.

කෙසේ නමුත් පැවැති රාජපක්ෂ පාලනය දූෂිත යැයි කියමින් වත්මන් පාලකයන් බලයට ගෙන ඒම සඳහා දායකත්වය සැපයූ සිවිල් සමාජ ව්‍යාපාරයන් බහුතරයක් වත්මන් අණ්ඩුවේ මැති ඇමැතිවරුන් සිදු කරමින් සිටින වංචා දූෂණ අක්‍රමික්තා සම්බන්ධයෙන් මුනිවත ‍රැකීම මඟින් ඔවුන් දූෂණයට එරෙහිව කටයුතු කරනු ලැබුවේ පක්ෂග්‍රාහීව තමන්ගේ පෞද්ගලික වාසිය අනුව පමණක් වන බව මේ වන විට පැහැදිලිව පෙන්නුම් කරන තිබෙන බව දේශපාලන විචාරකයන්ගේ මතය වී ඇත.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us